Aug 30

එයා මට විවිධ SMS එවනවා

ප‍්‍රියන්ත හොඳම නළුවා වෙද්දි හොඳම නිළිය වුණේ නිල්මිණි තෙන්නකෝන්. පුංචි තිරේදී අපිට අමතක නොවන ඒ වගේම අමතක කළ නොහැකි චරිත ගණනාවක්ම කළ සම්මානනීය නිළිය නිල්මිණි අපි කැඳවා ගත්තා.

ඔබට සතුටුයිද දැන්?

ඇත්තටම.. මම රංගන කටයුතු පටන්ගත් දවස්වල ඉඳලා මට සම්මාන ලැබුණා. මුලින්ම මට ලැබුණේ රූපවාහිනියේ ජනප‍්‍රිය නිළියට හිමි සම්මානයයි. ඊට පස්සේ සිනමාවෙදී නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණා.

ඊට පස්සේ හොඳම නිළිය මේ වෙනකොට මම විසිඑක් වතාවක් සම්මානිත නිළිය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මට සතුටු නැද්ද?

 ඔබ හොඳම නිළිය වුණේ ?

තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ අම්මා ටෙලිනාට්‍යය ඩිංගිරි අම්මා කියන චරිතයට.

 ඔබ හොඳම නිළිය වෙන්න, මේ චරිතය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරන්න ඇති?

එහෙම නැතුව බැහැ. අපිට චරිතයක් ලැබුණම ඒ චරිතය ගැන මහ ලොකු හැදෑරීම් කරන්න  ඕනෙ. එහෙම නැතුව අපිට යම් චරිතයක සැබෑ ඇතුලාන්තය තේරුම් ගන්න බැහැ. ඉතින් මේ චරිතය මට ලැබුණම, මම මුලින්ම කළේ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොත අරගෙන කියවපු එක. මේකෙන් මම ඩිංගිරි අම්මා කියන්නෙ මොන වගේ ගැහැණියක්ද කියන එක දරුවො දහදෙනෙක් එක්ක ඇය මොනතරම් දුකක් වින්දද කියන එක තේරුම් ගත්තා. ඒත් එකෙකින් සෑහීමකට පත් වෙන්න මට බැරි වුණා.

පස්සේ මම උපුල් ශාන්තගෙන් අහගත්තා මේ ඩිංගිරි අම්මාගෙ චරිතයෙ තවත් අභ්‍යන්තර දේවල්.

ඊටත් පස්සෙ මං ගල්වළවල්වලට ගිහින් ඒවායෙ ගෑණු ගල් කඩන්නෙ කොහොමද කියන එක හොයලා බැලූවා.

ඇත්තෙන්ම මට පුදුම හිතුණා. ගල්වළවල්වල ගැහැණු දහඩිය මුඟුරු දාගෙන ගල් කඩන්න විඳින වදය දැක්කාම. ඒ වගේම පුදුම දුකක් හිතට දැනුණා.

මට දැනුණ ඒ දුක... ඒ හැඟීම... ටෙලි නාට්‍යය නරඹන පේ‍්‍රක්ෂකයන්ගෙ හිතේ ඇති කරන්න මං පුළුවන් තරම් උත්සාහ ගත්තා. මම හිතනවා මම සාර්ථක වුණයි කියලා.

නමුත් මට මතකයි මීට පෙර පැවැති සම්මාන උළෙලකදී මේ නාට්‍යය, මේ චරිතය නිර්දේශ වෙලාවත් තිබුණෙ නැතිවග. නිල්මිණිට මොකද එතකොට හිතුණෙ.

පුදුම හිතුනා මිස මම වෙන මොනවා හිතන්නද?

එතකොට මෙවර හොඳම නිළිය වීම ගැන ඔබට පුදුම හිතෙන්නේ නැද්ද?

මට පුදුම හිතෙන්නේ මම හොඳම නිළිය වීම ගැන නෙමෙයි, මට ලැබුණු ඒ සම්මානය දරාගන්න බැරිව මට තර්ජනාත්මකව එස් එම් එස් එවන සමහරු ගැන.

ඒ කියන්නේ?

මගෙත් එක්ක මේ සම්මානයට නිර්දේශ වුණු එක්තරා නිළියකට ඒ සම්මානය නොලැබීම ගැන එක් කෙනෙකුට රිදිලා. එයා මට විවිධ එස් එම් එස්  එවනවා. නමුත් කාගේවත් තර්ජනයකින් සැළෙන හිතක් මට නෑ. මම තව අඩි දහයක් ඉස්සරහට යන්න ඒ තර්ජනය ශක්තියක් කර ගන්නවා........

නමුත් මම ඒ ගොල්ලන්ට කියනවා මෙන්න ඇවිත් මට ලැබුණු සම්මානය අරගෙන යන්න කියලා.

 නිල්මිණි මේ  දවස්වල තවත් ටෙලිනාට්‍යයක රඟපානවා නේද?

ඔව්. හිරු නාළිකාවේ විකාශය වෙන අඳුරු සෙවනැළි නාට්‍යයෙත් රඟපානවා. නිහාල් ප‍්‍රනාන්දු අලූතින්ම අධ්‍යක්ෂණය කරන තවත් නාට්‍යයක රඟපාන්න සූදානමින් ඉන්නවා. තවම ඒකට නමක් දාලා නැහැ. කොහොම හරි මම රඟපාන්නෙ අවුරුද්දකට ටෙලි නාට්‍යය දෙකක විතරයි.

ඒ කියන්නේ නිල්මිණි ආවට ගියාට ටෙලිනාට්‍ය බාර ගන්නේ නැහැ.

ඇත්තටම ඒකට එක හේතුවක් තමයි මම කාර්යබහුල වීම. මගේ සැලෝන් එකේ වැඩ වගේම මගේ දුවගේ වැඩත් ගොඩාක් මට තියෙනවා. ඒ හින්දා මම ටෙලිනාට්‍යයක් තෝරාගනිද්දී මට කරන්න පුළුවන් මිනිස්සුන්ට දැනෙන චරිතයක් තෝරා ගන්න උත්සාහ ගන්නවා. එහෙම නැතුව එක එක චරිත රඟපාන්න මම බාර ගන්නේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.