Aug
30
දඹුල්ලේ මැච් එක නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව ගන්න හේතුව මේකයි

18000ක පමණ පහසුකම් පවතින දඹුල්ල ක්‍රීඩාංගණයට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණීම හේතුවෙන් ආසන වෙන් කර තිබුණ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔවුන්ට හිමි ආසන ලබා ගැනිමට නොහැකිව තිබුණ බවත් ඒ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක වෙයි.
විශාල පිරිසක් තරගය නැරඹීමට පැමිණීම හේතුවෙන් ඔවුන්ව පාලනය කිරිමට ආරක්ෂක අංශ වලට අපහසු වූ බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එසේම මෙවැනි තත්ත්වයක් නැවත ඇතිනොවීමට වග බලා ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වෙයි.