Aug 29

අම්මෝ ඊට වඩා හොඳයි මැරෙන එක - ඉෂාරා

මෙවර සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ඉෂාරා සඳමිණි. සැබෑ ජීවිතේදීත් ඇය විවධ භූමිකාවන් නිරෑපණය කරනවා. ඒ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට. ඉතින් ඒ ගැනත් හදසරින් අපි ඇයත් එක්ක කතා කළා. මේ ඒ කතාබහ.

ජනප්‍රියම නිළිය හිමි සම්මානයට මුලින්ම සුබ පතනවා ගොඩක් ස්තූතියි

කොහොමද ජීවිතේ?

ගොඩක් සතුටින් ඉන්නවා. හිතුවෙවත් නැති මොහොතක මට මේ සම්මානය ලැබුණේ. ඇත්තම කියනවා නම් මම සුමති සම්මාන උළෙලකට සහභාගි වෙච්ච පළවැනි අවස්ථාව ?ඉතින් ඒ පළවෙනි අවස්ථාවෙන්ම ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබීම ගොඩක් සතුටුයි.

ඔබ බලාපොරොත්තු වූ සම්මානයක් නෙවෙයිද මේ?

මෙහෙමයි ඕනෑම කෙනෙක් තමන් ඉන්න ක්ෂේත්‍රයෙන් යම් ඇගයීමක් ලබන්න කැමතියි. එහෙම නැහැ කිව්වොත් ඒක බොරැවක්. නමුත් ජනප්‍රියම සම්මානයට මනාප දෙන්නේ ආදරණීය ප්‍රේක්ෂකයින්. මුලදී මගේ නම 15-10 අතර තිබ්බේ. ඊට පස්සේ මුල් 5 දෙනා අතරට ආවම නම් මට බලාපොරොත්තුවක් ඇති වුණා. ඊට පස්සේ මගේ නම මුල් තුන් දෙනා අතර තිබ්බා. මම සම්මාන උළෙලට සහභාගී වුණෙත් ඒ සතුටින්. මොකද සම්මානය ලැබුණොත් ගොඩක් සතුටුයි. ඒ නැතත් අවසන් තුන් දෙනා අතර පැමිණීම ගැන තිබ්බෙත් ලොකු සතුටක්. කොහොම වුණත් මේ මගේ හොඳ කාලයක් වෙන්න ඇති මට ඒ සම්මානය ලැබුණා. ඒ වගේම මම හදසර අවස්ථාවක් කරගන්නවා මට මනාප ලබාදුන්න ආදරණීය ප්‍රේක්ෂකයින්ට ස්තූතිවන්ත වෙන්න.

හොඳම නිළිය වෙන්න බලාපොරොත්තුවක් නැද්ද ?

මට ඇත්තටම ඒ හීනය තියෙනවා. නමුත් ඒ හීනය මට ගොඩක් දුරයි. මොකද මට තවම අත්දැකීම් අඩුයි. මම කැමැතියි තවත් ඉගෙන ගන්න. හොඳ නිර්මාණවලට දායක වෙන්න. ඒ හරහා ඒ හීනයට ළඟා වෙන්න. කාලයක් යයි. බලමු ඉතින් නේද.

මේ දවස්වල ඔබව දකින්න පුළුවන් නිර්මාණ මොනවද?

විකාශය වෙන්නේ නම් ලකී ඩයස් මහතා කරපු සීතල ගිනි දැල් නාට්‍ය විතරයි. නමුත් කරපු නිර්මාණ තියෙනවා. ඒවා ඉදිරියට විකාශය වෙයි. මේ දවස්වල ආරාධනාත් ගොඩක් තියෙනවා. ඒ අතර හොඳ ඒවාට දායක වෙන්න ඉන්නේ.

ඉෂාරා එකම විදිහේ චරිතවලට කොටු වෙලාද?

එහෙම මටත් කිහිප දෙනෙක් කිව්වා. දැන් ඒ ගැනත් හිතලා වෙනස් හොඳ දෙයක් කරන්න පුළුවන් චරිත තමා කරන්න ඉන්නේ.

සිනමාවට ආරාධනා නැද්ද?

මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ නම් ආරාධනා ලැබුණා. මෑතකදී නම් ආරාධනා ලැබුණේ නැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ පිටපතකට දක්ෂ ප්‍රවීණ නළු නිළියන් එක්ක දායක වෙන්න මමත් කැමැත්තෙන් ඉන්නවා. බලමු මේකෙන් පස්සේ හරි ආරාධනා එයි නේ.

චරිතයක් තෝරාගන්නේ කොහොමද ඔබ?

එහෙම ලොකු සීමාවන් නැහැ. මට දෙයක් කරන්න ලැබෙනවා නම් සුළු චරිතයක් වුණත් මම කැමැත්තෙන් කරනවා. චරිතයේ දිග පළලට වඩා චරිතය තුළ මට කරන්?න ?තියෙන දේ ගැනයි වැඩිපුර හිතන්නේ.

ඔබ විවධ භූමිකාවන් තුළ ඉන්නවා. කොහොමද කාලය යොදාගන්නේ?

ඇත්තෙන්ම හරි අමාරැවෙන් තමා මේ හැමදේම කරගෙන යන්නේ. ඒ නිසාම තමා මම මගේ කැප කරන කාලයෙන් හොඳම නිර්මාණයකට දායක වෙන්න උත්සාහ කරන්නේත්.

අංශ තුනෙන් එකක් තෝරාගන්න වුණොත් ඔබ තෝරාගන්නේ මොකක් ද?

අම්මෝ ඊට වඩා හොඳයි මැරෙන එක. මොකද මම මේ අංශ තුනම කරන්නේ ඉතාමත් අසාවෙන් සහ කැපවීමෙන්. මම පුංචි කාලේ ඉඳන් ආස නැහැ එකම දේ තුළ ගොඩක් කාලයක් ඉන්න. වෙනස් වෙනස් දේ අත්විඳින්න තමා මම කැමති. මම එකම දවසෙත් සමහරවිට උදේ Hospital එකේ ඊට පස්සේ දර්ශන තලයක. ආයේ මැදිරියක වෙන්න පුළුවන් ඉන්නේ. විවේකයක් නම් නැති තරම් නමුත් ඒ ජීවන රටාවට ඒ වෙනසට මම කැමැතියි.

ගෙදරින් ලැබෙන සහයෝගය?

මම මේ ක්ෂේත්‍රයට එද්දී විවාහ වෙලා හිටියේ නැහැ. ඒ කාලේ අම්මා තාත්තා සහ අක්කා මාත් එක්ක හිටියා. ඒ අයට මම කරන දේ ගැන විශ්වාසයක් තිබ්බා. ඒ නිසා තහංචි තහනම් දැම්මේ නැහැ. අද මම විවාහකයි. මගේ සැමියා අනුර පතිරණ. ඔහුත් මේ කලාවට සම්බන්ධයි. ඉතින් ඔහු තුළත් මා ගැන තියෙන විශ්වාසය නිසාම මට මුල් කාලේ ගෙදරින් ලැබුණ නිදහස ඒ විදියටම තියෙනවා. මොකද ඕනෑම දෙයක් සාර්ථකව කරන්න මානසික නිදහස ඉතා වැදගත්. ඒ අතින් මම හරි වසනාවන්තයි. ඉතින් ගෙදර අයටත් මගේ මහත්තයටත් ස්තූතිවන්ත වෙනවා මම මේ වෙලාවේ.

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු මොනවද?

රංගන ක්ෂේත්‍රය තුළ නම් මම අර මුලින් කිව්ව ඈත තියෙන හීනය සැබෑ කරගන්න වැඩ කරනවා. ඒ වගේම මම ඉන්න ක්ෂේත්‍ර තුළින් හොඳ දෙයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම ඉතින් මොන දේ කළත් මොන තත්ත්වෙක හිටියත් ජීවිතේ සතුටින් ගත කරන්න තමා කැමති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.