Nov
22
ශී‍්‍ර ලංකාව, ඉන්දියාවෙන් කහ ආනයනය කිරීම තහනම් කිරීම එරට ඊරෝඞ්හි වෙළඳුන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. එම වෙළදුන් පවසන්නේ පසුගිය මාස 02ක කාලය තුලදී තමන්ට රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුව ඇති බවයි. දේශීය නිෂ්පාදන ඉහල නැංවීම සදහා ශී‍්‍ර ලංකා රජය ඉකුත්දා විදෙස් රටවලින් කෘෂි නිෂ්පාදන ආනයනය තහනම් කළා. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශී‍්‍ර ලංකාව එම තහනම ඉතා තදින් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.