Jan
12
රංගන ක්ෂේත්‍රයේ බොහොම සතුටින් පවුල් ජීවිත ගත කරන පරමාදර්ශී චරිත හුඟක් නෑ. ඒත් නිරෝෂා හේරත් සහ කුමාර ජයකාන්ත කියන්නේ වැඩි සද්ද බද්ද නැති වුණාට බොහොම ආදරයෙන් සතුටින් ජීවත් වන නළු නිළි යුවළක්. 1994 සිහින කුමාරී ටෙලි නාට්‍යයේදී කුමාරට හමුවුණ ඔහුගේ සිහින කුමාරි අද දැනුම් තේරුම් ඇති දරුවො තිදෙනෙක්ගෙ මවක්. පරණ අවුරුද්දට සමුදීලා අලුත් අවුරුද්ද දෝත පාලා භාර ගන්න මොහොතේ කලාවයි පවුලයි සමබර කරගෙන ජීවිතය ලස්සන කර ගත්ත මේ යුවළගෙ ජීවිතයට එබී බලන්න අපි හිතුවා.