Jan 19

බන්දුල, විමල්, ගම්මන්පිල චම්පික සමග රහස් සාකච්ඡාවකද..


ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමන් පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා සමග කිසිදු දේශපාලන සංවාදයක් පවත්වා නොමැති අතරම ඉදිරියට ද එසේ පැවැත්වීමට අදහස් නොකරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමන් පමණක් නොව තම සමීපතම මිතුරෙකු වන විමල් වීරවංශ, සිය ගුරුවරයෙකු වන බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් පිළිබඳව ද තමන්ට එම සහතිකය ලබා දිය හැකි බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් චම්පික රණවක මන්ත්‍රිවරයා සමග නව දේශපාලන සන්ධානයකට සූූදානම් වන්නේ දැයි ඊයේ දින (18) හිරු සලකුණ වැඩසටහනේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

තමන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා නියෝජනය කරමින් මොහොමඩ් මුසාමිල් මන්ත්‍රිවරයා සමග වරාය වෘත්තීය සමිති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලුව සාකච්ඡා කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙම ගැටලුව රටට හිතකර ආකාරයෙන් විසදා ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා රජය තුළ අභ්‍යන්තර සංවාදයක් මේ මොහොතේ සිදුවන බවත් ප්‍රකාශකර සිටියේය.

චම්පික රණවක මන්ත්‍රිවරයාගේ 43 සේනාංකය, රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය ඇතුළු කාලීන දේශපාලන කරුණු රැසක් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න

 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.