Jan
29
කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ (PHOTOS)
ඉන්දියාව විසින් ලබාදෙනු ලැබූ කොවිඩ් එන්නත මෙරට ලබාදීම ආරම්භ කර තිබෙනවා. කොවිඩ් -19 වෛරසයට එරෙහිව සටනේදී ඉදිරියෙන් සිටි සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සඳහා මෙම එන්නත ලබාදීම ආරම්භ කෙරුණා.
නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී යුද හමුදා සාමාජිකයින්ට පළමු එන්නත් ලබාදීම සිදුකෙරුණ අතර තවත් රෝහල් 05කදී මිට සමගාමිව එන්නත් ලබාදීම සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින් හට කොවිඩ් එන්නත ලබාදීමේ අවස්ථාවයි මේ.