Jan 27

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්


විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන නිර්ණායකයන්ට අනුව තමන්ට නිවෙස් තුළ නිරෝධායනය වීමටද හැකි බවයි. දැනට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති සිය නිවෙස් නිරෝධායනය සදහා පහසුවෙන්ම යොදා ගැනීමට හැකි බවද එම ශ්‍රී ලාංකිකයින් කියාසිටියා. එම නිවෙස්වල සෞඛ්‍ය ආරක්‍ෂිතව නිරෝධායනයට යොමු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියාසිටියේ මෙතෙක් එවැනි තීරණක් ගෙන නොමැති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ට අවශ්‍ය නිරෝධායන ක්‍රියාවලියේදී ඔවුන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බවයි. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 32,000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22,483 දෙනෙක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙසද අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.