Jan
27
මානව හිමිකම් කොමසාරිස්ගේ නිර්දේශවලට රජයෙන් දැඩි ප‍්‍රතිචාර
මෙරට හමුදා නිලධාරීන් 59 කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කර ඇති නිර්දේශවලට දැඩි ප‍්‍රතිචාරයක් දක්වමින් ශ‍්‍රී ලංකා රජය අද (27දා) ඇය වෙත වාර්තාවක් යැවීමට තීරණය කර ඇත.
මෙම වාර්තාවේ රජය දක්වා ඇත්තේ ඇගේ සහය මත බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහ ගෙනඒමට යෝජිත නව ජිනීවා යෝජනාවට කිසිසේත් එකග නොවන බවයි.
මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම නිර්දේශ මුළුමනින්ම කොටි ඩයස්පෝරාවේ නිර්දේශ බවද රජය චෝදනා කරයි.
පිටු 17 කින් යුත් ඇයගේ නිර්දේශ මාර්තු 18 දා ප‍්‍රකාශයට පත් වීමට නියමිතව තිබුණි. එය පසුගිය සෙනසුරාදා (23දා) කොටි ඩයස්පෝරාවට ලැබී ඇත.
පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂාව වැඩි කිරීම මුස්ලිම් මෘතදේහ වළ දැමීමට ඉඩ නොදීම යන චෝදනාද මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාවට එල්ල කර තිබේ.
ඇය තවදුරටත් දක්වා ඇත්තේ යුද හමුදාවට සහ පොලිසියට විදේශ පුහුණුවීම් ලබානොදිය යුතු බවයි.
මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාවේ තවදුරටත් දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට සහ සර්ව ලෝක අධිකරණයට යොමු කළ යුතු බවයි.
කීර්ති වර්ණකුලසූරිය