Jan 20

නව ජනපති ජෝ බයිඩන් අද ඇමරිකාව භාරගනී


ඇමරිකාවේ 46 වැනි ජනපති ලෙස ජෝ බයිඩන් මහතා අද (20දා) දහවල් 11.30 ට අගවිනිසුරු ජෝන් රොබට්ස් හමුවේ දිවුරුම් දීමට නියමිතයි.

මෙයට පෙර ජනපතිවරුන් දිව්රුම් දුන් ආකාරයට නොව බයිඩන්ට දිවුරුම් දීමට සිදු වී ඇත්තේ අන්තවාදීන්ගේ දැඩි තර්ජන මැද බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා

ජනපති දිවුරුම් දෙන අවස්ථාවට පෙර හිටපු ජනපති ට්‍රම්ප් ජනපති ධුරයෙන් සමුගැනීමේ හමුදා ආචාර පෙළපාලිය මේරිලන්ඞ් ඇන්ඞ්රුක් හමුදා කඳවුරේදී පැවැත් වෙනවා.

ට්‍රම්ප් ධුරයෙන් ඉවත්වුවද ඔහුට ඇමරිකානු රහස් සේවාවේ ආරක්‍ෂාව හිමි වෙනවා.

මේ අතර බයිඩන් දිවුරුම්දීමේ උත්සවයට දහසක් පමණ පිරිසක් සහභාගී වෙනවා. ඔවුන් කොංග්‍රස් සභිකයන් සහ අමුත්තන් බවයි පැවසෙන්නේ.

බයිඩන් මෙම දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන්නේ බීස්ට් නමින් හඳුන්වන වෙඩි නොවදින වාහනයකිනි. බයිඩන් දිවුරුම්දීමෙන් පසු උප ජනාධිපති ලෙස කමලා හැරිස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා ස්නොව්මැසර් හමුවේ දිවුරුම් දෙනවා.

ජනපති බයිඩන්ගේ උත්සවයට හිටපු ජනපතිවරුන් වන බරක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් ද ඔවුන්ගේ බිරියන් ද සහභාගී වීමට නියමිතයි.

ජනපති ජෝ බයිඩන්ගේ ආරම්භක දේශනයද මෙතෙක් ප්‍රකාශයට පත් වී නැහැ.

මේ අතර හිටපු ජනපති ට්‍රම්ට ඇන්ඞ්රුන් හමුදා කඳවුරේ පැවැත්වෙන සමුගැනීමේ උත්සවයෙන් පසු එයාර් ෆෝස් වන් නමැති ජනපති ගුවන් යානාවෙන් ප්ලොරිඩාහි මාර්ගෝ සංකීර්ණය වෙත යන බවයි සඳහන් වන්නේ.

ඔහු නව ජනපති බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනපති ට්‍රම්ප් ජනපති ධුරයෙන් පිටව ගියත් පෙර සිටි ජනපතිවරුන්ට මෙන් ආරක්‍ෂක වාහන සහ වෙඩි නොවදින වාහනයක් ද ඔහුට ලැබෙනු ඇති බවත් පැවසෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.