Jan 02

නව වසර උදාවේ සාදයකට සහභාගි වු සිව්දරු පියා අභිරහස් ලෙස ජිවිතක්ෂයට


නව වසර උදාවේ සාදයකට සහභාගි වූ සිව්දරු පියකු ඊයේ (01 දා) දින අභිරහස් ලෙස මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් වත්තේ පදිංචි ආරුමුගන් කුමාර් නැමති 39 හැවිරිදි සිව්දරු පියෙකි.

එම වතු යායේම තවත් පිරිසක් සමග (31 දා) රාත‍්‍රි 8.00 ට පමණ නව වසර උදාවට සාදයක් පැවැත්වෙන බවත්, තමන් එම සාදයට සහභාගි වීම සඳහා යන බව තමන්ට පවසා නිවසින් පිටව ගිය සැමියා ආපසු නොපැමිණි බව බිරිඳ පවසා තිබේ. පසුව සැමියා සොයන අවස්ථාවේ ඔහු තේ වත්ත මැද මියගොස් සිටි බව බිරිඳ පවසා තිබේ.

මත්පැන් සාදයට සහභාගි වූ එම වතු යායේ තරුණයකු කියා සිටියේ මිය ගිය අය සමග මත්පැන් සාදයක් පැවැත් වූ බවත්, එම සාදය පැවැත්වීමෙන් පසු සියළු දෙනාම වෙන් වෙන්ව නිවාසවලට පිටව ගිය බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත‍්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසීය.

නුවරඑළිය - නාලක රත්නායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.