Jan
07
බියගම පොලිසියෙන් රජයට එක්කෝටි හතළිස් ලක්ෂයක්
බියගම පොලිසියේ රථවාහන අංශය 2020 වසරේ නිකුත් කළ දඩ පත් ඇතුළුව මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත විවිධ චෝදනා යටතේ ඉදිරිපත් කොට වැරදිකරුවන් වූ රියැදුරන්ට රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හතළිස් දහසක දඩ මුදලක් රජයට උපයාදී තිබේ.
බීමත්ව රියපැදවීම, රිය අනතුරු, අනවසරයෙන් දැව, පස්, වැලි හා සතුන් ප්‍රවාහනය කිරීම සහ පොලිස් අණ නොතකා රිය ධාවනය කිරීම ඇතුළුව විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රියැදුරන්ගෙන් එම දඩ මුදල් ලබාගෙන තිබේ.
ඉසුරු අසංක – සපුගස්කන්ද