Jan
27
රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොවිඩ් ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුය.
මීට පෙර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමතිවරුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වුණි.
කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා සහ වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ.