Jan
27
එජාපය ෆේල් කියමින් අර්ජුන තනතුරක් අත් හරියි
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය භාර නෙගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතවද දැනුම් දුන්නා.
අදාල ලිපියේ දැක්වෙන්නේ රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවලක් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බවයි. 2020 මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබීමෙන් පසුවද තමන් එක්සත් ජාතික පක්ෂය සමග රැදුනේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවලක් සංවිධානය කෙරුණු ඇතැයි යන අපේක්ෂාවෙන් බවයි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ.
එහෙත් අදවන තෙක් එවැනි සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් ඇති බවක් දක්නට නොලැබෙන බවද ඔහු සඳහන් කළා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරට තමන් පත් කර ඇති බවට දන්වා ඇතත් පවතින පසුබිම යටතේ එම තනතුර ප්‍රතික්ෂේප කිරීමට තමන් අපේක්ෂා කළේ මේ හේතුවෙන් බවයි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා වෙත යොමු කර ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ.
මීට පෙර හිටපු අමාත්‍ය නවීන් දිසානායකද එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර ප්‍රතික්ෂේප කර තිබුණා. මේ අතර හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග සහ නවීන් දිසානායක හෙට දිනයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද කැදවා තිබෙනවා.