Jan
18
කෝටි 02කට විකිණීමට ගෙනා වාලම්පුරියක් සහ සැකකරුවන් 06ක් STF අත්අඩංගුවට
අම්බලන්තොට ව්‍යාපාරිකයෙකු හට රුපියල් කෝටි 02කට අලෙවි කිරීමට ගෙනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද දින දහවල් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බියගම, කඩුවෙල, කටුනායක යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අතර කාන්තාවක්ද සිටියි.
අත්අඩංගුවට ගත් වාලම්පුරිය ,සැකකරුවන පැමිණි ලෑන්කෘසර් වර්ගයේ ජීප් රථය හා සැකකරුවන් අධිකරණ කටයුතු සදහා හම්බන්තොට ධිවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට බාර දී තිබේ.