Jan
09
අද කොරෝනා ආසාදිතයින් 535ක් සහ මරණ 04ක්. විස්තර මෙන්න
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 535ක් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,840ක් බවත් ඉන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 6,773ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.
මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 4,838ක් සුවය ලබා තිබෙනවා.
මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 229ක් වන අතර අද වාර්තා වූ මරණ 04 සිදුව ඇත්තේ හෝමාගම රෝහලේ දීය.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ඕපනායක ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.