Dec
13
උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා...
යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඊයේ (12) රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවූ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි.
යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසා උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා පනවා තිබේ.
උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 30න් 28කට මේ වන විට සංචරණ සීමා පනවා ඇතැයි ද මහේෂන් මහතා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව වවුනියාව, පුදිය සාලම්බකුලම ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ දරුවාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඊයේ සිට පුදිය, සාලම්බකුලම ප්‍රදේශයටද සංචරණ සීමා පනවා ඇත.
එන්. ප්‍රියදර්ශනී - වවුනියාව