Dec
03
"අපේ ගෙදර ලයිට්, වතුර තිබුණේ නැහැ.පාරේ වතුර පයිප්පෙන් තමයි අපි නෑවේ" - සමනළි
"අනේ අදටත් මම ආදරේ කැලණියේ අපි ජීවත්වුණ පරණ පුංචි කුලී ගෙදරට.."
"රස්නෙට රෑට නින්ද යන්නේ නැති වෙනකොට අත කැඩෙනකම් මට පවන් ගැහුවේ තාත්තා..."
" මම පළමු විවාහයෙන් අයින් වුණාම තාත්තා මාත් එක්ක කතානොකර හිටියා..."
වචන කිහිපයකින් මගේ තාත්තා ගැන කියන්න තරම් මම පොහොසත් නැහැ. සරලවම කියනවා නම් මෙලොව මා දුටු සුන්දරම සරලම, සංවේදීම හදවතක් උරුම වුණු එකම කෙනා මගේ තාත්තා. මහා විසල් නුග ගහක් වගේ අයියලා දෙන්නවයි, මාවයි අම්මාවයි ආරක්ෂා කරපු ආදරය රැකවරණය දීපු ඒ මහා වෘක්ෂය නොහිටින්න මේ ගෙන්දගම් පොළොවේ අපි මංමුලා වෙලා.
මගේ තාත්තාට තිබුණු ලොකුම හීනය තමයි අපි තුන්දෙනාට හොඳට උගන්වන එක. මගේ තාත්තත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් තාත්තාට එයාගේ අධ්‍යාපන මට්ටමට හරියන්න ස්ථිර රැකියාවක් කරන්න ලැබුණත් තාත්තා තොරගත්තේ ඡායාරූප ශිල්පය.
• කැලණියේ ජීවත්වුනු පුංචි ගෙදරට සමනලීගේ මතකය ගෙනිව්චොත්?
අනේ අදටත් මම ආදරේ කැලණියේ අපි ජීවත්වුණ පරණ පුංචි කුලී ගෙදරට. ඒ ගෙදර හරිම පුංචියි. අපි පස්දෙනෙකුට ඒ ගෙදර ඉන්න ඉඩ මදි. ඒත් උතුරා ගිය ආදරයක් එකිනෙකා අතර ලොකු බැඳීමක් ඒ ගෙදර තිබුණා. අවුරුදු එකොළහක් මගේ ජීවිතේ ගෙවුනේ ඒ පුංචි ගෙදර. අපේ ගෙදර ලයිට්, වතුර තිබුණේ නැහැ. චිමිනි ලාම්පු එළියෙන් තමයි අපි පාඩම් කළේ. පාරේ වතුර පයිප්පෙන් තමයි අපි නෑවේ.
මට මතකයි ඒ පරණ පුංචි කුලී ගෙදර තිබුනේ ටකරන් වහලක්. රස්නෙට රෑට නින්ද යන්නේ නැති වෙනකොට අත කැඩෙනකම් මට පවන් ගැහුවේ තාත්තා. තාත්තාට නින්ද යනකොට පවන් ගහන එක නතර වෙනකොටම මම නැගිටිනවා. අනේ එළිවෙනකම් අත රිදෙනකම් මට පවන් ගැහුව හැටි අදටත් මතක් වෙනකොට පපුව හිරවෙනවා.
පාරේ වතුර පයිප්පෙන් මාව නාවන ගමන් පිරිසිදුකම ගැන ලස්සනට ඉන්න කියලා දුන්නේ එයා. නිල්පාට හොණ්ඩා බයික් එකේ ටැංකිය උඩ යන ගමන් මිනිස්සු ගැන මේ සමාජය ගැන කියලා දුන්නේ එයා. ගෙදර කුණු කෑල්ලක් නොතියන්න ගෙවල් පිරිසිදු කරන්න කියලා දුන්නේ එයා. පොත් කියවන්න වගේම ඒ පොත්වලින් ගෙවල් වටේ ඉන්න පුංචි ළමයින්ට පුස්තකාලයක් දාන්න මාව උනන්දු කළේ එයා. පුංචි ලෑලි ගෙදරක ජීවත් වුණාට අපිට තාත්තා කිසිම දේකින් අඩුවක් කළේ නැහැ. අයියලා දෙන්නාගෙන් පස්සේ පවුලේ බඩපිස්සි විදිහට වගේම මම එකම ගැහැනු දරුවා වීම නිසාම තාත්තාගේ ආදරේ අහස තරමටම මට ලැබුණා.
කඳුළු පුරවගත්ත ඇස්දෙක ඇතුළෙන් පියාගේ මතකය දිගේ සමනලී තවතවත් ඈතට ගියාය.
‘තාත්තාගේ අවසන් හුස්ම පොද ගියාට පස්සේ මට දැනුණේ ඒ හෙවනැල්ල මගේ ලෝකයම වහගත්ත වගේ. මගේ පොත් රාක්කේ තියෙන පොත් දැක්කම, විහිළු කතාවක් ඇහෙද්දි, ඉතුරු සල්ලි එකතු කරපු කැටේ දකිද්දි මීනා කුමාරිගේ පාකීසා ෆිල්ම් එකේ සින්දු බලද්දී, බොම්බෙ ස්වීට් කඩ දකිද්දි, සුබ්‍රමනියම්ගේ දෙමළ සින්දු අහද්දී. මේ හැම තැනකම, හැම දේකම තාත්තා තාමත් ජීවත්වෙනවා. මට මතකයි චූටි කාලේ මම ජීවිතේ ගොඩක් සතුටු වුණු දවස තමයි තාත්තා ගෙදරට පොඩි ටීවී එකක් ගෙනාපු දවස. ටීවී බලන්න අපි කිට්ටුම ගෙවල් වලට යනවට තාත්තා කැමැති වුණේ නැහැ. ගෙදරට විදුලිය නැති වුණාට තාත්තා ටීවී එකක් ගෙනල්ලා කාර් බැටරි එකකින් ඒක බලන්න හදලා දුන්න දවසේ මට පුදුම සතුටක් දැණුනා.
අපිට උගන්වන එකට පස්සේ තාත්තාගේ ලොකුම හීනය වුණේ නිවසක්. ලෑලි ගෙදරක කුලියට හිටපු අපිට අපේම කියලා ගෙයක් හදාගන්න එක තාත්තා එයාගේ මුළු ජීවිතේම කරගත්තා. ඒ දවස්වල තාත්තා අම්මාට කියනවලු අපි මේ කුලී ගෙදරින් තවත් කුලී ගෙදරකට නෙවෙයි යන්නේ අපේම ගෙදරකට කියලා. අපි කුලියට හිටපු ගෙදර කිට්ටුවම තාත්තා ගෙදරක් හදන්න පටන් ගත්තා.
අපිට උගන්වන්න වගේම අපිට කියලා ගෙයක් හදාගන්න තාත්තා ගොඩාක් දුක්මහන්සි වුණා. මගේ අම්මයි තාත්තයි ඉන්න හරියට තැනක්වත් නැතුව අපි තුන්දෙනාවත් හදාගෙන ඉතාම පොඩි තැනකින් පටන්ගත්ත දෙන්නෙක්.
මගේ ලොකු නැන්දා (මාලනී ෆොන්සේකා) තමයි තාත්තාට සල්ලිවලට කැමරාවක් අරන් දීලා තියෙන්නේ මේකෙන් ජිවිතේ පටන්ගන්න කියලා. ලොකු නැන්දාව මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. තාත්තා ඡායාරූප ශිල්පියෙක් විදිහට ජීවිතේ සාර්ථක කරගත්තේ ලොකු නැන්දා දුන් සහයෝගය නිසා. අපි පුංචි කාලේ තාත්තට ටිකෙන් ටික නැගිටින්න ධෛර්ය දුන්නේ ලොකු නැන්දා. අපේ අම්මා තාත්තාගේ ජීවිතේ ශක්තමත් ගමන් සගයෙක්වුණා.
ආනන්ද ෆොන්සේකා කියන දක්ෂ සම්මානනීය කලාකරුවාට ඇයි කලාව අතරමග මඟ ඇරෙන්නේ?
එයා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න කොච්චර ආස වුණත් තාත්තා ඒකට කොච්චර දක්ෂ වුණත්, හදපු එකම ෆිල්ම් එක ’උමයංගනා’ සහ හදපු එකම ටෙලිනාට්‍ය කෙම්මුර නිර්මාන දෙකම ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර වුණත් එයාගේ ජීවිතේ වටිනාම දේ වුණේ පවුල. දිගටම කලාකටයුතු කරන්න ගියොත් එයා කාර්යබහුල වුණොත් තාත්තාට අපිව මඟ හැරේවි කියලා බයක් දැනුණා. ඒ නිසා තාත්තා හෙව්වේ හැමදාම හවසට ගෙදර එන්න පුළුවන් රැකියාවක්. එයාගේ කලා දක්ෂතාවයෙන් වැඩක් ගන්න බැරි වුණා කියලා තාත්තා කවදාවත් දුක්වුණේ නැහැ.
තාත්තා ඡායාරූපශිල්පියෙක් විදිහට හම්බකරපු හැම රුපියලකටම අම්මා ලොකු වටිනාකමක් දුන්නා. අපේ අම්මා හරිම ධෛර්යවන්ත කෙනෙක්.
• තාත්තා වැඩිපුරම සතුටුවුණු අවස්ථාවක් මතකද?

තාත්තා ජීවිතේ වැඩිපුරම සතුටු වුණේ මම විශ්ව විද්‍යාලයට තේරුණ දවසේ කියලා මට දැනුණා. ඒ සතුට මම එයාගේ මූණෙන් දැක්කා. මම ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් නෙවෙයි. උසස් පෙළට ආවම මට ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණා. කොළඹ දිස්ත්‍රික්කයේම 27 වෙනියා වෙලා විශ්වවිද්‍යාලයට තේරුණ දවසේ තාත්තට අදහගන්න බැරිවුණා.
තාත්තා ආසාවෙන් හිටියේ මම උපාධිය කරලා ස්ථිර රැකියාවකට යාවි කියලා. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. ඒ ගැන තාත්තාට පුංචි දුකක් තිබුණා. තාත්තාට දැණුනා ස්ථීර රැකියාවක් නොකරපු නිසා එයාට දැණුන ආර්ථික අපහසුතා. ඒකයි තාත්තා අපට කිව්වේ රජයේ රැකියාවක් කරන්න කියලා. ඒත් මට ඕන වුණේ විවෘතව මගේ ජීවිතේට දේවල් එකතු කරගන්න. ඒ නිසා මට කලාව වෘත්තිය විදිහට තෝරගත්තා. ඒකට නම් තාත්තා ගොඩක් සතුටු වුණා.
• සමනලී ජීවිතේ සමහර තැන්වල හිතුවක්කාර තීරණ ගනිද්දී තාත්තා ඒ දේවල්වලට විරුද්ධ වුණාද?

නව යොවුන් වියත් සමඟ මම වැඩිපුරම කළේ එයාට විරුද්ධව ගිය දේවල්. තාත්තා මගේ අදහස් එක්ක එකඟ වෙන්නේ නැති වෙනකොට මම ආදරය කරන අයට විරුද්ධ වෙනකොට මම අම්මාට ළංවුණා. හැබැයි ඒක ගැන මගේ හිතේ මහා දුකක් තිබුණා. තාත්තා හැම දෙයක් ගැනම සාම්ප්‍රදායිකව හිතන කෙනෙක්. ඒත් අම්මා සම්ප්‍රධායිකව හිතන උත්සහ කරනු කෙනෙක්. එයාට ඕන කරපු ජීවිතය මම තෝර නොගත්ත හින්දම තාත්තා මං ගැන සැනසීමකින් හිටියේ නැහැ කියලා මම දන්නවා. ඒත් තාත්තා දැනගෙන හිටියා මම මගේ ජීවිතේට එයාට විරුද්ධ මොන තරම් තීරණ ගත්තත් හැම තීරණයකම වගකීම කාටවත් කරදරයක් නොකර මම තනියම දරාගන්නවා කියලා.
මම පළමු විවාහයෙන් අයින් වුණාම තාත්තා මාත් එක්ක කතානොකර හිටියා. පස්සේ මම තාත්තට ලියුමක් ලිව්වා පිටු 18 ක. මගේ ජීවිතේ ගෙවුණ හැටි. මගේ ජීවිතේ තාත්තා හීරෝ කෙනෙක් වුණ හැටි. අන්තිමට ලිව්වා. ‘මගේ ජීවිතේ වෙන කියන්න දෙයක් නැහැ තාත්තේ. තරහවෙලා ඉන්න එකෙන් වෙන්නේ අපේ ජීවිතවල මතකයන් අමතක වෙන එක විතරයි තාත්තේ කියලා.’ ඒක දුන්නට පස්සේ තාත්තා අර පුංචි කාලේ හිටියා වගේම අදරයෙන් හිටියා. ඒක මට ලොකු සැනසීමක්.
තාත්තා අකමැති වුණත් මගේ සතුට තියෙන්නේ මගේ නිදහස මගේ ස්වාධීනත්වය ඇතුලේ කියන එක ගැන එයා දැනගෙන හිටියා. මට තාත්තට තරම්වත් භෞතික දේවල් එකතු කරගන්න බැරිවුණ එක ගැන එයා දුක් වුණත්, තමන් විශ්වාස කරන දේවල් පාවා නොදී ඉන්න උත්සාහ කරමින් මම මේ යන ගමන ගැන ඇත්තටම තාත්තා ආඩම්බර වුණා. ටික දවසක් යද්දී චාපි කියන්නේ කවුද චාපිගේ පවුලේ අය මට කොච්චර ආදරේද ඒවා දැකලා තාත්තා හදවතින්ම සතුටු වුණා.
ඒ ඔක්කෝටමත් වඩා ජීවිත කාලෙම එයාගේ මහ විශාල හිත පුරාම මාව දරාගෙන සිටියේ එයා විතරයි. ඒ හිනාව, ඒ බැනුම්, ඒ ආදරේ. ඒ නපුරුකම් ඔක්කොම ඔක්කෝම මගේ ඇතුළේ තියෙනවා. එයා තමයි මගේ මැණික. රීල් දාන කැමරාවෙන් චූටි කාලේ මාව කැමරා රාමුවට පුරුදු කරපු එයා මේ ලෝකේ ඕනම දියුණු කැමරාවක් ඉස්සරහට මම යන හැම මොහොතකම එතන ඉන්නවා කියලා මට දැනෙනවා. තාත්තාගේ මරණේ ගෙදරට ගෙනාපු දවසේ මම බැලුවේ නැහැ. එදා මම හුස්ම ගත්තේ අමාරුවෙන්. ඒ විශාල දුක මගේ පපුවේ තාමත් හිරවෙලා. එයාට විෂබීජයක් ගිහින් කියලා වෛද්‍යවරු සොයා ගනිද්දී මගේ මැණික ගොඩක් දුර්වල වෙලා තිබුණා. නොකියාම ගියාට එයා මගේ ළඟ හැමදාම ඉන්නවා. එයාට මම කොහේවත් යන්න දෙන්නේ නැහැ.
නදීශා අතුකෝරළ
ලංකාදීප