Dec 14

කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ රේස් පැද්ද යතුරුපදිකරුට අනුදහසක දඩයක්


කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයේ ධාවන තරගයක් පැවැත්වු යතුරු පැදිකරුට චෝදනා 04 කට අදාළව රුපියල් 90000/= දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද නියම කරනු ලැබුවා.

මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරු පැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් කඩවත, රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ දඩ නියම කෙරුණා.

කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ සිට යක්කල කන්දකපාපු හංදිය දක්වා ත්‍රිවීලර් සහ යතුරු පැදි මුදලටරේස් පැදීම රාත්‍රි 12ත් අලුයම් කාලයත් අතර දී සිදු කරන බව පැමිල්ල මෙහෙයවමින් යක්කල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සඳහන් කළ අතර රේස් පදින යතුරු පැදිය හෝ ත්‍රිවීලර් රථයට ආරක්ෂාව සපයන වාහන නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ විශාල වසයෙන් වාහන තදබදයක් ඇති වන බව ද පවසා සිටියා. එම රියැදුරන්ව පොලිසියට ගෙන්වා කොතෙක් අවවාද කලද ඔවුන් ගේ එම ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බවයි මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු වාර්තා කරමින් සදහන් කලේ.

දෙදෙනෙකු ට ගමන් කල හැකි ලෙස සීට් එක නිෂ්පාදනය කර ඇති මෙම යතුරු පැදියේ සීට් එක එක් අයෙකුට පමණක් ගමන් කල හැකි ලෙස සකසා ඇති බවත් නියමිත හැඩලය ගලවා උස් හැඩලයක් සවිකිරීම ඇතුළු රේස් පැදීමට පහසු වන ආකාරයට යතුරු පැදිය සකසා ඇති බවත් පොලිස් නිලධාරීන් චෝදනා නගා සිටියා.

මෙම රියැදුරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරක රිය අනතුරු බෙහෙවින් සිදුවන හෙයින් දැඩි දඩුවම් පමුණුවන ලෙස [පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව සැකකාර යතුරුපැදිකරුට තරයේ අවවාද කල අධිකරණය රුපියල් 90000 ක දඩයක් නියම කල අතර යතුරුපැදියේ හිමිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.