Dec 20

ඇමති ප‍්‍රසන්න WTC කාර්යාලයෙන් ඉවත් වේ..


ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කරයි.

ඔහු සඳහන් කලේ ලබන වසරේ මුල් කාර්තුවේ සිට සංචාරක අමාත්‍යංශය අලුතින් පිහිට වූ ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලටම සිය කාර්යාලය ද ගෙනයාමට තිරණය කල බවයි.

සංචාරක අමාත්‍ය කාර්යාලය මේ වනවිට පිහිටා ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වන මහලේයි.විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා සඳහන් කරයි.

මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යංශය පසුගිය බදාදා (16) සිට කොළඹ 01,යෝර්ක් වීදිය 51-ඊ පිහිටි ඇසෙට් ගොඩනැගිල්ලේ දෙවන මහලට ගෙන ගොස් තිබේ.

ඇමතිවරයා කීවේ අමාත්‍යංශය එක තැනකත් අමාත්‍ය කාර්යාලය තවත් තැනකත් පැවතීම නිසා ජනතාවට දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවන බවයි.අමාත්‍යංශය පිහිටි ස්ථානයේම විෂයභාර ඇමතිවරයා සිටීම ජනතා සේවය වඩාත් කාර්යක්ෂම ඉටුකිරීමට හේතුවන බැවින් එම ස්ථානයේම සිය කාර්යාලය පිහිටුවීමට තීරණය කල බව ද ඔහු සඳහන් කලේය.කඩිනමින් එම ස්ථානයට සිය කාර්යාලය ගෙනයාමට අවශ්‍ය වුවද ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් නිසා තව මාස කීපයක් ඒ සඳහා ගතවිය හැකි බවද ඔහු කීවේය.

සංචාරක අමාත්‍යංශය ඇසෙට් ගොඩනැගිල්ලේ දෙවන මහලට ගෙවදීම ආගමික වතාවත් මධ්‍යයේ සිදු කෙරිණ.ඉන් අනතුරුව ඇමතිවරයා සංචාරක අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ද ඇමතුවේය.ජනතාවාදී අමාත්‍යංශයක් ලෙස සංචාරක අමාත්‍යංශය ජනතාව අතරට ගෙනයාමත් හොඳම අමාත්‍යංශ වලින් එකක් ලෙස සංචාරක අමාත්‍යංශය ඉහලට ගෙන ඒමත් සිය අපේක්ෂාව බව ඔහු එහිදී කීවේය.

කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්වයට පත් කිරීමේදී සංචාරක අමාත්‍යංශයට සුවිශාල වගකීමක් ඇති බවත් නීතිරීතී වලට ජනතා සේවය යට කිරීමට ඉඩනොදී ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීමට කැපවන ලෙසත් ඇමතිවරයා අමාත්‍යංශ ලේකම් ඇතුළු සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

2025 වන විට ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කිරීම රජයේ අපේක්ෂාව බව පැවසූ ඇමතිවරයා එය ඉටුකිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවද කීවේය.

මේ වනවිට කොවිඩ් නිසා කිසියම් පසු බෑමකට ලක්ව තිබුණ ද කොවිඩ් වසංගතය පැමිණීමට පෙර තිබූ තත්වයටත් වඩා සංචාරක කර්මාන්තය ඉහල නැංවීමට සිය අපේක්ෂාව බවද ඇමති ප්‍රස්නන රණතුංග මහතා මෙහිදී කිවේය.

– ප්‍රදීප් අනුර කුමාර


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.