Dec
22
අමුත්තන් දස දහසක් ආ Drive through විවාහයක්
ආගන්තුකයන් 20 ක් පමණක් සහභාගි කරවා ගත් නමුත් මෝටර් රථවල 10,000 ක රැඳී සිටිමින් තවත් ආගන්තුකයන් අති විශාල පිරිසක් සිය සුබ පැතුම් එක් කළ විවාහ මංගල්‍යයක් පිළිබඳ මැලේසියාවෙන් වර්තා වේ. Drive through (මෝටර් රථයේ සිට) සංකල්පය උපයෝගී කර ගනිමින් ලොව පැවැත් වූ පළමු විවාහය ලෙස මෙය ඉතිහාසගත වේ.
පසුගිය ඉරිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරට දකුණින් පිහිටි පුටරාජයේ රජයේ ගොඩනැගිල්ලක මෙම විවාහය සංවිධානය කර තිබූ අතර මනාල යුවළ ආසන්නයේ රැඳී සිටියේ තවත් 20 ක පිරිසක් පමණි. මෝටර් රථ 10,000 ක නැගුණු ඉතිරි අමුත්තෝ පිරිස උත්සව ශාලාව ඉදිරියේ මාර්ගයේ සිය මෝටර්රථවල නැගී මනාල යුවළ පසුකර යමින් සුබ පැතුම් එක් කරන්නේ මනාලයා වන ටෙන්ග්කු මුහම්මද් හෆීස් සහ මනාලිය වන ඕසේන් ඇලගියා උත්සව ශාලාව ඉදිරිපිට සිට එම සුබ පැතුම් පිළිගෙන ඇත.
මෙතරම් විශාල පිරිසක් මෝටර් රථ මගින් විවාහයට සහභාගි කරවා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ මනාලයා එරට හිටපු කැබිනට් ඇමැතිවරයකු වන ටෙන්ග්කු අද්නාන්ගේ පුත්‍රයා වීම හේතුවෙනි. හිටපු ඇමැතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහන්කර ඇත්තේ ඉරිදා උදෑසන 10.00 සිට මෝටර් රථ 10,000 කට වැඩි ප්‍රමාණයකින් පැමිණි පිරිස් සිය පුතුට සහ මනාලියට සුබ පැතූ බවය.
‘‘මෙය මටත් මගේ පවුලේ අයටත් ගෞරවයක්. මෝටර් රථයෙන් පිටතට නොපැමිණ නිසි ක්‍රියා පටිපාටි (නිරෝධායන නීති) අනුගමනය කරමින් සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ඔබ සැමට ස්තුතියි’’ යනුවෙන් හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
නයන තරංග ගමගේ