Dec 08

කැනඩාවේ සිට රැගෙන ආ VIP මෘත ශරීරයක් ආදාහනය නොකර ඥාතීන්ට භාර දෙයි


කැනඩාවේදී මියගොස් මෙරටට ගෙන්වන ලද පුද්ගලයෙකුගේ මෘත ශරීරයක්, කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සීමා නොතකමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙත මුදා හැරීමේ සිද්ධියක් වාර්තා වුණා.

පෙරේදා දිනයේ කැනඩාවේ සිට පැමිණි ටී කේ 730 දරණ ගුවන් යානයෙන් එම මෘත දේහය මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ. කැනඩාවේදී මියගොස් එලෙස මෙරටට රැගෙනවිත් ඇත්තේ මරියන්නායම් මරියනේසන් නැමැති 52 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක්.

පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවලදී මියගොස් මෙරටට රැගෙන එන මෘත දේහයන් මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයකට සහ පී සී ආර් පරීක්ෂාවකට ලක් කර මීගමුව ආදාහනාගාරයේදී ආදාහනය කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් මීට පෙර නියෝග කර තිබුණේ.

කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුව ද එලෙස රැගෙන එන මෘත දේහයන් මීගමුව ආදාහනාගාරයේදී ආදාහනය කළ යුතු බවට එම නියෝගය පනවා තිබුණා.

එහෙත්, එම නියෝගය නොතකමින් අදාළ පුද්ගලයාගේ මෘත ශරීරය මුදා හැර ඇත්තේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - සෞඛ්‍ය සේවා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා විසින් මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ මරණ පරීක්ෂක ශී‍්‍ර ජයන්ත වික‍්‍රමරත්න වෙත යොමු කළ ලිපියකට අනුවයි.

මියගිය පුද්ගලයා කොවිඞ් ආසාදිතයෙකු නොවන බැවින් ඔහුගේ දේහය මුදා හරින ලෙසටයි අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අදාළ මෘත ශරීරය මියගිය පුද්ගලයාගේ ඥාතීන් තිදෙනෙකු පැමිණ රැගෙනගොස් තිබෙනවා. ඔවුන් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දේශපාලඥයෙකුගේ සමීපතමයින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ මෙරට ලිපිනය නොම්බර් 640, ශයිති පටුමග, ති‍්‍රකුණාමලය ලෙසට ද තොරතුරු වාර්තා වුණා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ඒ සඳහා නිකුත් කළ ලිපිය පහතින්,


- නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.