Dec 23

ජිනීවා සැසියෙන් ලංකාවට එරෙහි දරදඬු යෝජනාවක්


එළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරසෙන ජාත්‍යන්තර යෝජනාව වගවීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඊයේ (22 වැනිදා) පැවසීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය ගැන දෙමළ ජාතික සන්ධානය යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවල් වෙත ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකාව පවසන ආකාරයට ජිනීවා යෝජනාවලින් මිදීමට නොහැකි බවත් හෙතෙම කීය.

46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වන නව යෝජනාව හා දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

යුද සමයේ දී සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මගින් අගතියට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටුකරලීමෙන් මිදී යෑමට ශ්‍රී ලංකාවට කිසි ලෙසකින් ඉඩ නොතබන බවද මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

ලබන වසරේ (2021) මාර්තු මාසයේ දී ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වේ. මෙම යෝජනාව සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් කිහිපයක සහයෝගය ඊට ලබා ගැනීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන බවද කියැවේ.

ශ්‍රී ලංකාවට එරෙහි මෙම නව යෝජනාව ඉදිරිපත් කිරීමේ ‘සැලැසුම්කරු’ ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැංවීමේ කටයුතු පිළිබඳ මහ ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝය. මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වීමෙන් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වී ඇත.

රෝස්මරි ඒ. ඩිකාලෝ, ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද සමයේ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර එම වකවානුවේ දී ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට එරෙහිව ප්‍රකාශ ගණනාවක් නිකුත් කළ තැනැත්තියකි.

නයන තරංග ගමගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.