Dec
27
තායිවානයේ, ඊවා එයාර් ගුවන් සමාගම වෙනුවෙන් සේවය කළ නවසීලන්ත ජාතික ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එම ගුවන් සමාගම කටයුතු කර තිබේ.
මාස ගණනකට පසුව එරටින් කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් පසුව කොරෝනා වෛරසය නැවතත් තායිවානයට ගෙන ආ පුද්ගලයා ලෙස ඔහුට චෝදනා එල්ලවී තිබේ.
පසුගිය අඟහරුවාදා එම ගුවන් නියමුවාගේ ආශ්‍රිතයෙක් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගැනුණු අතර එසේ තායිවානයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවූයේ දීන 253කට පසුවය.
මෙම ගුවන් නියමුවාට දෙසැම්බර් මස මුලදී කොරෝනා වෛරසය වැළඳී ඇති නමුත් ඔහුට රෝග ලක්ෂණ මතුවී නොමැත.
තායිවානය සිය ගුවන් නියමුවන් සඳහා නිරෝධායන රීති හඳුන්වා දී ඇති අතර ඒ අනුව ගුවන් ගමනක් ගොස් නැවත පැමිණි පසු දින තුනක් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක්විය යුතුය. ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලබන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පමණි.
කොරෝනා වෛරස ආසාදිතයින් 777ක් සහ මරණ 7ක් තායිවානයෙන් වාර්තා වුුුුනි.
නත්තල් උත්සවය වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිතව තිබු උත්සව කිහිපයක් නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන අතර නව අවුරුදු සමයේ ජනතාව තම නිවසට වී සිටීම සුදුසු බවට ද රජය යෝජනා කරයි.
(ගාඩියන් ඇසුරෙනි)