Dec
04
අටුළුගමදි පී.එච්.අයි. නිලධාරීන්ට කෙළ ගැසූ ආසාදිතයා රිමාන්ඩ්
කළුතර අටුළුගම ප්‍රදේශයේදි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කර කෙළ ගැසූ පුද්ගලයා ලබන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, අද පෙරවරුවේ සැකකරු පානදුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලීසිය පැවසුවේ මෙම ආසාදිතයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.
ප්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ අටුළුගම අලෝතියාව හන්දිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් සැකකරු බණ්ඩාරගම නව බස් නැවතුම්පළ ඉදිරිපිටට රැගෙන ආ බවයි.
එම ස්ථානයේදි බන්ධනාගාර බස් රථයකට නංවා ගැනීමෙන් පසු පානදුර අධිකරණය වෙත රැගෙන යාමට පොලීසිය විසින් කටයුතු කර ඇත.