Nov 30

බන්ධනාගාරයේ රැඳවියන් පිස්සු වට්ටන "මත් පෙත්තක්" ගැන ඇමති විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි


බන්ධනාගරයන් තුල ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන "මත් පෙත්තක්" බව අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු සමයං ගේ ගෝලයෙකු වන චතුරංග විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ "රිවර්ස්" නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිනීමට යොදා ඇති බවට කලකට පෙර බුද්ධි විසින් අනාවරණය කර ගෙන තිබු බවයි.

මෙම මත් පෙත්ත වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිපදෙනෙකුට මුලින්ම චතුරංග යන අය විසින් ලබාදී ඇති බවත් එම පෙත්ත භාවිතා කිරීමෙන් පසු ඔවුන්ට "ලේ දැකීමට" අවශ්‍ය වන බවත් සිද්ධිය ගැන අනාවරණය වීමෙන් පසු චතුරංග ඇතුළු ඊට සම්බන්ධ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකොට යැවීමට බලධාරීන් පියවර ගනු ලැබූ බවයි.

කෙසේ හෝ මහර බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය මගින් ජනාධිපතිවරයා ඇතුළු රජය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකට ලක් කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටියේ.

තවද මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.