Nov
14
පොලීසියයට යන්න එන්න ඇමති රාජසන්තක කල වාහන ඉල්ලයි
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වාහන 9744 අතුරින් වාහන 3608ක් වසර 15කට වඩා පැරණි අබලන් වාහන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාතය මණ්ඩල සංදේශයකින් අනාවරණය වෙයි.
මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ඉදිරිපත් කර තිබේ.
වසර 15කට වඩා පැරණි වාහනවලින් ජීප් රථ 909ක් සහ කාර් රථ 323ක් ද තිබෙන බව එහි සඳහන් වෙයි. අනෙකුත් වාහනද ඉතා පැරණි වන අතර වසර 05කට ආසන්න වාහන 909ක් පමණක් ඇති බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වෙයි.
එම නිසා පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රේගුව මගින් රාජසන්තක කළ වාහන ලබා දීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇත. තවද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහාද ජීප් රථ 150ක් ඉල්ලා ඇත. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වාහන ශ්‍රී ලංකා පොලිසියට මිලදී ගැනීමට අවසර ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
උදයජීව ඒකනායක