Nov
09
නාගොඩදී ‘චෙක්’ කළ "කාර් එකේ - ති්රරෝදයේ" බෝම්බ සහ කඩු
කළුතර නාගොඩ ප්‍රදේශයේදී මෝටර්රථයක් සහ ති‍්‍රරෝද රථයක් පරීක්ෂා කිරීමෙන් පසු ජීව අත්බෝම්බයක්, කඩු 04ක්, පිහි 06 ක් ඇතුළු උපකරණ තොගයක් සමගින් පුද්ගලයින් හත්දෙනකු 06 වැනිදා රාති‍්‍ර අත්අඩංගුවට ගැනීමට කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරි පිරිසක් සමත් වූහ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර, කලමුල්ල, පයාගල, නාගොඩ, ඕවිටිගල සහ මතුගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 23, 24, 27, 28 සහ 36 වියැති පුද්ගලයින් පිරිසක බව පොලිසිය පවසයි. එදින රාති‍්‍ර අටට පමණ නාගොඩ සෙන්ට්‍රල් හන්දියේ මාර්ග බාධකයේ රාජකාරි නිරතව සිටි සෙබළුන් කළුතර දෙසින් මතුගම දෙසට ධාවනය කරමින් සිටි මෝටර් රථය සහ ති‍්‍ර රෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි සුක්ෂම ලෙස සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, කඩු 04ක්, පිහි 06ක්, ටී 56 ජීව උණ්ඩ 02ක්, එම හිස් කොපු 02ක් සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථය සහ ති‍්‍රරෝද රථය පොලිස් භාරයට ගෙන සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් ඇතිකර ගැනීමට සැකකරුවන් යමින් සිටි බවට තොරතුරු හෙළිවී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරුවන් පෙරේදා (07 දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තිදෙනකුට දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර අනෙක් සිව්දෙනා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ආර්.ඒ. එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම