Nov 25

අංගොඩ ලොක්කාගේ උකුස්සා මහජන ප්‍රදර්ශනයට


සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමට යොදා ගත් බව පැවසෙන උකුස්සා මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එම උකුස්සා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අනිකුත් උකුස්සන් සමග මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කර නොමැති බැවින් එය විවෘත කළ පසු මෙම උකුස්සා දැක බලාගැනීමට මහජනතාවට අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

මීගොඩ, නාවලමුල්ල ප්‍රදේශයේ සිරකර සිටියදී අතුරුගිරිය පොලිසිය මෙම උකුස්සා සොයා ගනු ලැබූ අතර පසුව එම උකුස්සා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන ලෙස පවසා තිබූ නමුත් මහජන ප්‍රදර්ශනය සඳහා නොතබන ලෙස නියෝගයක් කර තිබුණි.

තවදුරටත් මෙම උකුස්සා වෛද්‍ය අධීක්ෂණය යටතේ තබන අතර මෙම උකුස්සා අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ නඩු කටයුත්තේ නඩු භාණ්ඩයක් ලෙස ද පවතිනු ඇත.

‘කුස ඇලි මුහුදු උකුස්සා’ නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාවක් ඇතැයි සැළකෙන අතර මෙම වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව වනජීවි නිලධාරීන් පවසයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.