Nov 27

වල් ඌරෙකු යැයි සිතා කජු අහුලමින් සිටි සිසුවාට වෙඩි තබා මරා දමලා


2009 වසරේදී ඇලයාපත්තුව දිගනේගම ප‍්‍රදේශයේ පිහිටි හේනකදී වල් ඌරෙකු යැයි රැවටී සිදු කළ වෙඩි තැබීමකින් කජු පුහුලන් අහුලමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට උතුරුමැද පළාත් බද මහාධිකරණයේ පුර්වගාමි විනිසුරු සහ පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු බවට නිගමනය කිරීමෙන් පසු විනිසුරුවරයා එකී නියෝගය කළේය.

ඇලයාපත්තුව දිගනේගම ප‍්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි ඩබ්ලිව්‘ඇම්‘විජේදාස නමැති පුද්ගලයෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරිණි‘ වර්ෂ 2009 අපේ‍්‍රල් මස 22 වෙනි දින හෝ ඊට ආසන්න දිනක අනුරාධපුර ඇලයාපත්තුව දිගනේගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි දි.නේ.ම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්ව අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමට සූදානම්ව සිට ඇති ඒ.ඒ. ප‍්‍රදීප් හර්ෂ කුමාර නමැති සිසුවෙකුට වෙඩි තබා මරා දැමී යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි‘

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය විසින් සමත්ව ඇති බව විනිසුරු මහේෂ් වීරමන් මහතා අදාළ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ප‍්‍රකාශ කළේය.

වර්ෂ 2009 අපේ‍්‍රල් මස 22 වෙනිදා සවස 6.30 ත් 7.00 ත් අතර කාලයේ ඒ.ඒ. ප‍්‍රදීප් හර්ෂ කුමාර නමැති පාසල් සිසුවා සිය බාල සොහොයුරා සමග සිය පියාට අයත් හේනට කජු පුහුලන් ඇහිඳීමට ගොස් සිටියදී එම හේනේ වන සතුන් දඩයමේ ගොස් සිට ඇති විත්තිකරු විසින් වල් ඌරෙකු යැයි සිතා සිසුවාට වෙඩි තබා ඇති බව එකී නඩු විභාගයේදී අනාවරණ විය. මේ අතර ඝාතනයට ලක්වූ සිසුවාගේ පියා සහ විත්තිකරු ඉතා සමීප මිතුරන් බවත් ඔවුන් දෙදෙනා හේන් ගොවිතැන් සිදු කර ඇත්තේ එකට එක්ව බවත් එකී නඩු විභාගයේදී අනාවරණය විය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ පද්මලාල් ද සිල්වා මහතා පෙනී සිටි අතර එකී ඝාතන සිද්ධිය සමබන්ධයෙන් විමර්ශන මෙහෙයවූ අනුරාධපුර පොලිසිය වෙනුවෙන් මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාම මහතාගේ උපදෙස් මත සැරයන් සරත් ගුණසේන මහතා පෙනී සිටියේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආනන්ද පේ‍්‍රමරත්න මහතා පෙනී සිටියේය.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.