Oct
29
හෝමාගම හයිලෙවල් මාර්ගයේ අනතුරක් - CCTV දර්ශන සහිතයි
හෝමාගම හයිලෙවල් මාර්ගයේ ගලවිලවත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
වේගයෙන් පැමිණි යතුරුපැදියක් බස් රථයක් වම් පැත්තෙන් ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් එම අනතුර සිදුවිය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පැවසීය.
අනතුර සිදුවන ආකාරය බස් රථයේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගත වී තිබුණි.
එම වීඩියෝව පහතින්,