Oct 01

අද නික්ම ගිය ආදරණීය ටෙනී ගැන, දියණිය හැඬූ කඳුළින් කියූ කතාව (වීඩියෝ)


වසර ගණනාවක් තිස්සේ මෙරට සිනමා ලෝලීන් සිනහ ගැන්වූ ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද පළමුවරට සිය රසිකයන් හඬවමින් නික්ම ගියා.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරුණේ මොරටුමුල්ල මෙතෝදිස්ති දේවස්ථාන සුසාන භූමියේදී.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා පසුගිය සදුඳා අභාවප්‍රාප්ත වුණා.

පසුගිය දින කිහිපයේදී ඒ මහතාගේ දේහය මොරටුව - විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබු අතර සහෘද කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු රසික ජනතාව එහිදී අවසන් ගෞරව පුද කරනු ලැබුවා.

අද පස්වරු 3 දක්වා දේහයට ගෞරවය පුදකිරීමට අවස්ථාව ලබා දී තිබු අතර අදත් විශාල පිරිසක් මෙලෙස පැමිණියේ සිය සිත් සැනහූ දයාබර ටෙනීට අවසන් ගෞරව පුදකිරීමටයි.

නිවසේ පැවති අවමංගල්‍ය සභාවේදී ටෙනිසන් කුරේ මහතාගේ සමකාලීන කලාකරුවන් සිය මතකයන් මෙලෙස අවදි කළා.

දේහය පිළිබද ආගමික කටයුතු සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.



පසුව දේහය මොරටුමුල්ල - මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමිය වෙත රැගෙන ආවා.

මෙරට සුවහසක් ප්‍රේක්ෂකයින් මුවගට සිනහවක් ගෙන ආ ඒ ප්‍රවීණ රංගධරයා අද පස්වරුවේ මෙලෙස මිහිදන් කෙරුණත් ඔහු මැවූ සිනාව මෙරට ප්‍රේක්ෂක ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.