Oct 08

ආසාදිතයන්​ ඇසුරු කළ අයට ඉදිරි දින 7 තීරණාත්මකයි


කොවිඩ් ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයින්ට ඉදිරි දින 7 තීරණාත්මක විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මීළඟට වැඩි අවධානයක් යොමු කරන්නේ බ්‍රැන්ඩික්ස් සේවකයන් ගමන් කළ වාහන ඔවුන් සිටි ස්ථාන හා වෙළෙඳසල්වලදී සම්බන්ධ වූවන් පිළිබඳ බවත් ඔවුන් හඳුනා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් හෙතෙම අවධාරණය කළේය.

එවැනි ආශ්‍රිතයන්ට ඉදිරි දින හත ඇතුළතදී රෝග ලක්ෂණ පහළවිය හැකි බවද යුද හමුදාපතිවරයා පැවැසීය. මේ හේතුවෙන් ආසාදිතයන් එක් අයකු​ හෝ දෙදෙනකු හමුවූ සෙසු පළාත්වලත් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවත් වයිරසය පැතිරීම පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නවසිය පනහක් පමණ ඊයේ (7 වැනිදා) රාත්‍රිය වන විට රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර අවසන් බවත් අවධාරණය කළ යුද හමුදාපතිවරයා තවත් පිරිසක් සොයාගත යුතුව තිබූ බැවින් අද (8 වැනිදා) උදෑසන වන විට එම සොයා ගැනීම් අවසන් කිරීම අපේක්ෂාව බවත් කීවේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.