Oct 03

ගොදුරු හොයාගෙන මහ රෑ‌ට ගෙවල් ලඟටම එන කඳුකර කොටියාගේ දඩයම


හැටන් කොටගල ප්‍රදේශයේ නිවාස අසල ගොදුරු සොයා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කටයුතු කරන බව වනජිවි නිලධාරින් පවසනවා.

හැටන් කොටගල ක්‍රිස්වස්ෆාම් ප්‍රදේශයේ නිවාස වෙත සුනඛයින් ගොදුරු කර ගැනිම සඳහා පැමිණෙන කදුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කඩිනමින් කටයුතු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක පැවසුවා.

හැටන් කොටගල ක්‍රිස්වස්ෆාම් ප්‍රදේශයේ පදිංචිකරුවන් ආදායම් මාර්ගයක් වශයෙන් ඇති කරන කුකුලන් සහ සුරතලේට ඇති කරන සුනඛයින් රාත්‍රි කාලයේ අතුරුදහන්විම සම්බන්ධයෙන් එම වතුයායේ පදිංචිකරුවන් එ පිලිබදව සොයා බැලිමට ඇතැම් නිවාස වල ආරක්ෂිත කැමරා සවි කර තිබෙනවා.

එසේ සවි කර තිබු කැමරාවක සටහන් වි තිබුණේ රාත්‍රි කාලයේ තම නිවාස අසල රක්ෂිත වල සැරිසරන හොදින් වැඩුණු කඳුකර කොටියෙකු තම නිවාස අසලටම පැමිණ සුරතලේට ඇති කරන සුනඛයෙකු ගොදුරු කරගෙන යන අයුරුයි.

පවත්නා තත්ත්වය මත රාත්‍රි කාලයේ කිසිදු අවශ්‍යතාවයකට නිවසින් පිටතට ඒමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත් , කදුකර කොටියන් තම නිවාස අසල සැරිසරන නිසා තම ජිවිත වලටද දැඩි අවධානමක් පවතින බවයි.

රාත්‍රි කාලයේ සුනඛයෙකු ගොදුරු කර ගැනිම සදහා පැමිණි කදුකර කොටියෙකු නිවසක සවි කර තිබු ආරක්ෂික කැමරාවේ සටහන් වි තිබු අයුරු කොටියා විසින් සුනඛයා ඩැහැගෙන යනවිට තවත් සුනඛයෙකු එ දෙස බලා සිටින අයුරු ආරක්ෂික කැමරාවේ සටහන් වි තිබෙනවා.

හැටන් කොටගල ක්‍රිස්වස්ෆාම් වතුයායේ කොටි තර්ජන අවධානමට ලක් වි ඇති ප්‍රදේශවාසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දුරකථනය ඔස්සේ සම්බන්ධ  වෙමින් තම ගැටළුව ඉදිරිපත් කර තිබෙනවා..

නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටින්නේ කදුකර කොටියන්ගේ ප්‍රියතම ගොදුර වනුයේ සුනඛයින් බවත් , නිවැස් වල සුරතලේට ඇති කරන සුනඛයින් දැඩි ආරක්ෂිත කුඩු වල රාත්‍රි කාලයේ කෙටි කාලයක් ගැට ගසා තැබිමෙන් ගොදුරු නොමැතිව කදුකර කොටියන් යලිත් එම වාසස්ථාන අතහැර රක්ෂිත වලට යන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.