Oct
24
දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එම දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල පෙන්වා දියහැකියි. මේ බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
එම දිස්ත්‍රක්ක මගින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් වැඩි දුරටත් පවසනවා.
එම තීන්දුව තව දුරටත් කල් දැමුව හොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කරනවා