Oct
01
රටම සිනහ සයුරේ ගිල්වූ ටෙනිසන් කුරේ අද දැයෙන් සමුගනී
මෙරට ප‍්‍රහසන කලාව තුල නොමැකෙන සලකුණක් තැබූ අභවප‍්‍රාප්ත ජනප‍්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදීයී.
රෝගාතුරව සිටි ටෙනිසන් කුරේ මහතා අභවප‍්‍රාප්ත වුණේ ඉකුත් සදුදා දිනයේයි. පසුව ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා මොරටුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබුණා. මේ දක්වා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සහෘද කලාකරුවන් රැසක් මෙන්ම ටෙනිසන් කුරේ මහතාට ආදරය කල රසික රසිකාවියන් රැසක්ද පැමිණියා.
දශක 4කට ආසන්න කාලයක් මෙරට සිනමාව, වේදිකාව ඇතුළු කලා ක්ෂේත‍්‍රය සිනහවෙන් පිරවූ මේ අසහාය ප‍්‍රහසන රංගන ශිල්පියා, අසීරු කාර්යයක් ලෙස සැලකෙන රංගනයෙන් තවත් අයෙකු සිනහ ගැන්වීම ඉතා පහසුවෙන්ම සිදු කල අයෙක්.
ටෙනිසන් කුරේ මහතා, මිනිසුන් සිනහවෙන් තැබීම සිය අරමුණ කර ගනිමින් සිය ජීවිත කාලය පුරා කටයුතු කල අයෙක්.
මෙරට දහසකුත් පේ‍්‍රක්ෂකයින් සිනහවෙන් පුරවා ඔහු අද සිය සිනහව සගවා දැයෙන් සමුගෙන යන්නේ ටෙනිසන් නිසාම සිනහ වූ ඒ සහෘද පේ‍්‍රක්ෂක රසික සමාජයම කඳුලක් තබමින්.
ටෙනිසන් කුරේ මහතා අද දැයෙන් සමුගත්ත ද, සිංහල සිනමාවේ ඔහු තැබූ සලකුණ කිසිදා මැකී නොයනු ඇති.