Oct 02

විකිරණ නිකුත්කරන වැලි නිසා පිළිකා අවධානමක්


ඛනිජ සම්පත් ඉවත්කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ලෙස විකිරණ ශිලිත්වයක් ඇතැයි සොයාගෙන ඇත. මේ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යනයකින් තහවුරු කර ඇත.

පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාවේ සහ දඹුල්ලේ ඛණිජ නිස්සරණයේ දී ඉතිරිවන වැලි වල විකිරණ පවතින බව සොයා ගෙන ඇත.

තවද එම වැලිවලින් මිනිත්තුවකට ඒකක 500කට වැඩි විකිරණ ශිලිත්වයක් පවතින බවත් එය ජපානයේ පුකුෂිමා හි විකිරණ කඳුවෙන් පසු අද පවතින විකිරණ ශීලිතාවයට වඩා වැඩි යයි ද සඳහන් කරනවා.

පුල්මුඩේ ඛනිජ වැලි සමාගමෙන් ඉල්මනයිට්, රූටයිපල්, සර්කෝන් මොනොසයිට් යන ඛනිජ වර්ග ඉවත් කරගන්නා අතර එහිදී ඛනිජ වැලි ඉවත්කර ගන්නා බව පැවසෙනවා. ඉන් ඉවත්කර ගන්නේ 40%ක ප්‍රතිශතයක් බවත් තවත් 60%ක ප්‍රමාණයක් එහිම ඉතුරුවන බවත් සොයාගෙන ඇත.

මේ සඳහා යන්ත්‍ර සූත්‍ර වල අකාර්යක්ෂම තාව බලපා ඇත.

වැලි ටෙන්ඩරය ලබාගන්නා දඹුල්ලේ ඛනිජ වැලි සමාගම මීටර් 7ක 8ක උසට ඒවා ගොඩ ගසා ඇති අතර එවැනි ගොඩවල් දහයක් පමණ දඹුල්ලේ සමගම සතු බවත් පැවසෙනවා. සුළඟේ ගසාගෙන යන වැලි නිසා ඉන් නිකුත්වන විකිරණ අවට ප්‍රදේශ වලට ගසාගෙන ගොස් ඉන් හානියක් සිදුවන බවත් පැවසෙනවා.

මේ නිසා අවට ගොඩනැගිලි වල සිටින අයට පිළිකා අවදානමෙන් මිදෙනු නොහැකි බවද හෙතෙම පෙන්වා දෙනවා.

මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කැනීම් අංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරන්නේ බලපත්‍රය ලබාදීමේදී විකිරණ ශීලිත්වය මෙතෙක් සොයා නොබැලු බවකි. තවද ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වී පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බවත් සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.