Oct 29

හපුතලේ පවුලක සියලුදෙනාටම කොරෝනා වැළඳෙයි


කොළඹ නැව් තටාංකාංගණයේ සේවය කර කොවිඩ් නයින්ටී වෛරසය ආසාදනය වූ බණ්ඩාරවෙල හපුතලේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳට, දියණියට සහ බිරිඳගේ පියාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවය.

එසේම ගම්පහ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය, මහවැලි ගම්මානයේ පදිංචි කාන්තාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ, ඇය ඩෙංගු රෝගය වැළඳී මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබා අනතුරුව තම ගම්මානයට ගොස් ඇති බවය.

මේ අතර පින්නවල පිහිටුවා ඇති බ්‍රැන්ඩික්ස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි 221 ක් දෙනා අද සාලාව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් එම පිරිස එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තමන්ගේ දෙවැනි පී.සී.ආර්. වාර්තා පැමිණෙන තෙක් මෙම ස්ථානයෙන් පිටතට යාමට නොහැකි බව පවසමිනි.

ඉන් ටික වේලාවකට පසුව ලැබුණු පී.සී.ආර්. වාර්තාවලින් තහවුරු වී ඇත්තේ එම පිරිසගෙන් 25 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවය.

මේ අතර, කඩවත, රන්මුතුගල වැවහේන ප්‍රදේශයේ කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳි කාන්තාවක් රැගෙන යාමට පැමිණීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැනුම්දීමට අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් සහ එම කාන්තාවගේ පුත්‍රයා සමගය.

කෙසේ වෙතත් විරෝධය මධ්‍යයේ වෛරස් ආසාදිත කාන්තාව රැගෙනයාමට සෞඛ්‍ය අංශ මෙහිදී පියවර ගත්හ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා ගොස් වෛරසය ආසාදනය වී ඇති මෙම පවුලේ පියාද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර වැල්ලවත්ත, කොලින්වුඩ් පටුමගේ තාවකාලිකව පදිංචිව සිටි හැත්තෑ හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව පොලීසිය පවසයි.

ගල්කිස්ස හෝටලයක ජර්මන් ජාතික සූපවේදියෙකුගේ රියදුරුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු පසුගිය 25 වනදා කළුබෝවිල රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඊයේ දිනයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණි.

අදාල පුද්ගලයා කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර අනුරාධපුර මහමංකඩවල පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත රියදුරෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

පසුගිය දා නිවාඩු ලබා නිවසට පැමිණි මෙම සෙබළාට දැනගැනීමට ලැබී ඇත්තේ තමන්ගේ ප්‍රධානියාට වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ අනුව මොහු ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 02 දී වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබුණි.

යටිටන්තොට ගල්පාත, එගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු ට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.