Oct
29
ගම්පහ දිස්ති‍්‍රක්කයටම ඇදිරි නීතිය පැනවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල
සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර තිබෙනවා. සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.
සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පලක් වී දැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විමසා ඇතැයි වාර්තා වනවා. එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් පවසා ඇත්තේ එක් එක් පොලිස් බල ප‍්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී ඇතැම් පිරිස් එම ප‍්‍රදේශවලට, ඇදිරි නීතිය නොමැති ප‍්‍රදේශවල සිට පැමිණ තිබූ බවයි.
එහෙත් සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වී ඇති බවත් එය කොරෝනා වෛරසය දිස්ත‍්‍රික්කය තුල ව්‍යාප්තිය පාලනයට හේතුවක් වී ඇති බවටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් එහිදී විශ්වාසය පලකර ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පලාතටම ඇඳිරිනීතිය පැනවීම තුලින් ද යම් ප‍්‍රතිඵලයක් සිදුවනු ඇතැයි මෙම සාකච්ජාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශ්වාසය පල කර ඇතැයි සඳහන්.
බස්නාහිර පලාතටම ඇඳිරිනීතිය පැනවීම තුලින් ද යම් ප‍්‍රතිඵලයක් සිදුවනු ඇතැයි මෙම සාකච්ජාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශ්වාසය පල කර ඇතැයි සඳහන්.