Oct
08
මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලවේ සිවිල් සේවකයෙකුට කොරෝනා
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන 55 හැවිරිදි සිවිල් සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මෙම පුද්ගලයාගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයා කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.