Oct
17
ෆි්රජ් එක අස්සට වැටුණු රු. 5 ගන්න අත දැමූ තරුණිය මරුට
අතින් ගිලිහී බිමට වැටී ශීතකරණය අස්සට ගිය රුපියල් පහේ කාසිය ගැනීමට ශීතකරණය අස්සට අත දැමූ 17 හැවිරිදි තරුණියක විදුලිසර වැදී රෝහල්තව සිටියදී මිය යෑමේ දුක් මුසු සිද්ධියක් පෙරේදා (15 දා) රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවති පශ්චාත් හදිසි මරණ පරීක්ෂණයකින් අනාවරණය වේ.
14 වැනිදා උදෑසන 9.45 ට පමණ සිදුවී ඇති මෙම ඛේදනීය සිද්ධියෙන් 15 වැනිදා අලූයම පහට පමණ රෝහලේදී මියගොස් ඇත්තේ රාගම තුඩුවේගෙදර විසූ එච්. කේ. දිල්කි හෂිණි නමැති තරුණියකි. රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක (වත්තල), සාමවිනිසුරු අෂ්ශේක් එම්. සජීර් (උස්වි බින්නූරි) සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර මෙහි අදාළ හදිසි මරණ පරීක්ෂණය සහ සාක්ෂි විභාගය රාගම ශික්ෂණ රෝහලේදී පවත්වන ලදී.
රාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා පරීක්ෂණ සිදුකොට සාක්ෂි ඉදිරිපත් කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පී. එන්. පී. එන්. බෝරුක්ගම මහතා පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කළේය.
රිචඞ් ජී. සිල්වා - සී. ආර්. ජික්සන් ඇන්ටනි