Sep 03

ලක්ෂ 600ක් වටිනා කහ තොගයක් බේරුවල වරායේදී ආරක්ෂක අංශ භාරයට


නීතිවිරෝධීව බහුදින ධීවර යාත‍්‍රාවකින් මුහුදු මගින් බේරුවල ධීවර වරායට ඉන්දියාවේ සිට රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 2230 ක් සමග එක් සැකකරුවෙකු අද නාවික හමුදාවට අයත් වෙරළාරක්‍ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් කහ තොගයේ අතර කහ කුඩු කිලෝග්‍රෑම් 1160 ක් සහ කහ කැබලි වශයෙන් කිලෝග්‍රෑම් 1070 ක් තිබු අතර ඒවා පොලිතින් බෑග් 90 ක අසුරා තිබී ඇත.

ඉකුත් අගෝස්තු 08 වන දින මෙම බහුදින යාත‍්‍රාව බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා ධිවරයින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  දියඹ මුහුදට පිටත්ව ගොස් නැවත පෙරේදා (02) එම යාත‍්‍රාව බේරුවල ධීවර වරායට පැමිණ තිබෙනවා.

එම ධිවර යාත්‍රාවේ තිබු අල්ලන ලද මසුන් සමග නීති විරෝධීව රැුගෙන ආ කහ තොගය ද යාත‍්‍රාවේ තිබී ඇති අතර මසුන් තොගය අලෙවි කිරීමට කටයුතු කර තිබෙන බවත් අද දින මෙම කහ තොගය කොටස් වශයෙන් ත‍්‍රීරෝද රථයක පටවා වරාය පරිශ‍්‍රයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කිරීමේ දී නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බළකායේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු එම බහුදින යාත‍්‍රාව දැඩි පරීක්‍ෂයට ලක් කිරීමේදී එහි සඟවා තිබු අනෙක් කහ තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම ධීවර යාත‍්‍රාවේ ගමන් කළ ධීවර කාර්මිකයින් බේරුවල සහ පයාගල පොලිස් වසම්වල පදිංචිකරුවන් බවත් ධීවර යාත‍්‍රාව කාන්තාවකට අයිති එකක් බවත් පරීක්‍ෂණ සිදු කරන බේරුවල පොලීසිය සඳහන් කරන්නේ.

අද දින අත්අඩංගුවට ගත් ධීවර යාත‍්‍රාවේ ධීවරයෙකුගෙන් වෙරළාරක්ෂක අංශ සහ පොලීසිය තොරතුරු සටහන් කරගෙන එම යාත‍්‍රාව සහ සැකකරු රේගු නිලධාරින් භාරයට පත් කිරීමට නියමිත අතර සෙසු ධීවරයන් ද අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පත්වන බව පොලීසිය පවසනවා. කහ තොගය කොටස් වශයෙන් රැගෙන යාමට පැමිණි ත‍්‍රීරෝද රථය ද වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කහ තොගය මුහුදු මගින් රැගෙනවිත් රුපියල් කෝටි 6 කට ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් කහ තොගය අද පස්වරුවේ රේගු නිලධාරීන් භාර දීමට නියමිත ඇති අතර මසුන් අල්ලන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කහ තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බව බේරුවල පොලිසිය සඳහන් කර සිටියි.

තුසිත ද සිල්වා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.