Sep 01

පිරිමි පරිස්සම් කර ගන්න රට පුරා අමුතු රැල්ලක් !


ස්පා නොහොත් සම්භාහන මධ්‍යස්ථාන කලක් මෙරට හතු පිපෙන්නාක් මෙන් ව්‍යාප්ත විය. ඒ කොළඹ, කැලණිය, ගම්පහ, මීගමුව යන ප‍්‍රධාන නගර සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශවලයි. එකල ගණනයට අනුව මෙරට සම්භාහන මධ්‍යස්ථාන පන් දහකට අධික ප‍්‍රමාණයක් තිබුණි. එයින් නීත්‍යානුකූල ඒවා තිබුණේ දෙසීයකටත් අඩු ප‍්‍රමාණයකි.

දැනට වැටලනු ලැබූ නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථානවලින් සීයට අනූනවයක්ම පාහේ තරුණියන් සේවය කළ ඒවාය. එහෙත් පසුගිය දිනක මොරටුව ප‍්‍රදේශයේදී ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු පිරිසක් අපූරු සම්භාහන මධ්‍යස්ථාන වැටලූහ. ඒ සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයකි. මේ මෙරට ඉතිහාසයේ දිගු කලකට පසු වැටලූ සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයයි. පහතින් පෙළ ගැසෙන්නේ එම සිද්ධියයි.

කසුන් මොරටුව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. හරි හමන් රැකියාවක් නොකළ මොහු ජීවත්වීම සඳහා නොයෙක් දෑ සිදු කළේය. එමෙන්ම මත්පැන් සහ ස්ත‍්‍රී ඇසුරට ද මොහු දැඩි ගිජුකමක් දැක්වූවේය. සවසට මත්පැන් පානය කරන මොහු කම්සැප සොයා රාත‍්‍රී කාලය ගත කරන්නේ සම්භාහන මධ්‍යස්ථාන තුළයි. කිසියම් හෝ තක්කඩි දෙයක් සිදු කරමින් උපයන සෑම සතයක්ම ඔහු වියදම් කරන්නේ ඒ සඳහාය.

කලක් යද්දී කසුන්ට තැබෑරුමකදී මිතුරකු මුණ ගැසුණි. ඒ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. නමින් ඔහු රුවන්ය. සති කිහිපයක් යද්දී මොවුහු ගජ මිතුරන් බවට පත් වුහ. ඉන් පසු කසුන් රුවන්ගේ සම්භාහන මධ්‍යස්ථානයට පැමිණීමට පටන් ගත්තේය.

කලක් යද්දී කසුන්ට ද සම්භාහන මධ්‍යස්ථානයක් දැමීමේ තද උවමනාවක් තිබුණි. ඒ අනුව රුවන්ගේ උදව් ඇතිව ඔහු සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේය. ඒ ගල්කිස්ස ප‍්‍රදේශයේය. ඔහුට එයින් සිතන තරම් ලාබ නොලැබුණි. ඒ මන්ද යත් ඒ අවට තවත් බොහෝ සම්භාහන මධ්‍යස්ථාන තිබුණ හෙයිණි. එලෙසම ඉහත සඳහන් කළ ආකාරයට වර්තමාන ජනාධිපතිවරයා පත්වීමත් සමග නීතිවිරෝධී වැඩ නතර කිරීමේ වැඩපිළිවෙතත් සමග ඔහුට එම සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට නොහැකි විය. එම නිසා ඔහු එය වසා දැමුවේය.

එලෙස වසා දමා සතියක් පමණ ඔහු නිවසට වී සිටියේය. අතේ තිබුණ මුදල්ද හිඟ වන්නට පටන් ගත්තේය. ඔහු දස අතේ කල්පනා කළේ යළි ජීවත් වන්නේ කෙසේද කියාය. දිනක් ඔහුට අපූරු අදහසක් පහළ විය. ඒ සම්භාහන මධ්‍යස්ථානය යළි විවෘත කිරීමටයි. ඒ පවතින ඒවාට වෙනස්ම ආකාරයේ සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයකි. ඒ මන්ද යත් එවැනි සම්භාහන මධ්‍යස්ථාන මෙරට හිඟ නිසාය.

සමලිංගික විවාහ මෙරට නීතියෙන් තහනම් නිසා එවැනි මධ්‍යස්ථානයක් විවෘත කළහොත් හොඳ ඉල්ලූමක් තිබේ යැයි ඔහු සිතුවේය. එලෙස සිතූ ඔහු පළමුව එවැනි සම්භාහන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට තැනක් බැලූවේය.

මොරටුව මොරටුමුල්ල මෙල් මාවතේ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලක් කුළියට දීමට තිබෙන බව මොහුට දැන ගන්නට ලැබුණි. වහාම ඔහු ගොසින් එය පරීක්ෂා කළේය. එය තමන්ගේ සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයට සුදුසුම තැන බව ඔහු තේරුම් ගත්තේය. ඉන් පසු අදාළ පුද්ගලයා සමග ගනුදෙනු කථා කර ඔහු එම මහල කුලියට ගත්තේය.

ඒ අතර කාලය තුළ මොහු සමලිංගික තරුණයින් කිහිප දෙනෙක්ව සොයාගෙන තිබුණි. ඒ කොළඹ සහ ඉන් පිටත ප‍්‍රදේශවලින්ය. එම තරුණයින්ව ද යොදා ගනිමින් සුදුසු වේලාවක් බලා කසුන් මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානය විවෘත කළේය.

දැනට පවතින නීතියට අනුව කිසිදු සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයට මොරටුව නගර සභාවෙන් වෙළඳ බලපත‍්‍රයක් පවා මොහු ලබාගෙන තිබුණි. බලපත‍්‍රයක් ලබා ගත්තත් මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානය මොහු පවත්වාගෙන ගියේ ඉතාම රහසිගතවයි.

අන්තර්ජාලය හරහා මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයට විශාල ප‍්‍රසිද්ධියක් මොහු ලබා දී තිබුණි. ඒ අනුව සමලිංගිකත්වයට කැමති තරුණයෝ දිනපතාම පාහේ මෙම ස්ථානයට පැමිණියහ. එලෙස පැමිණෙන තරුණයින්ට නිදහසේ තමන් කැමති ආකාරයේ ලිංගික ආශ්වාදයක් විඳීමට මෙහි පහසුකම් සපයා තිබුණි. ඒ අනුව විවිධාකාරයේ ලිංගික උපකරණ, ක‍්‍රීම්, ඇඳුම් පැළඳුම්, ලිංගික උත්තේජනය දනවන බෙහෙත් පෙති ආදී නොයෙක් දෑ මෙහි තිබුණි.

දැන ගන්නට ලැබෙන ආකාරයට මෙවැනි සුපිරි ගනයේ සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයක් මේ වකවානුවේ මෙරට නොතිබුණි. එලෙසම අන්තර්ජාලයේ මෙම සම්භාහන මධ්‍යස්ථානය ගැන දැන්වීම් දමා තිබුණේ සමලිංගිකයන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙනි.

දැන් කසුන් අතේ වෙනදාට වඩා මුදල් හදල් වැඩිය. ඒ හොර රහසේ පවත්වාගෙන යන සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයට විශාල වශයෙන් ගනුදෙනුකරුවන් පැමිණෙන නිසාය.

කලක් එලෙස ගත විය. ඒ අතර කාලය තුළ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරියකුට මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානය ගැන දැන ගන්නට ලැබුණි. ඒ හිතවතකු මාර්ගයෙන්ය. ඒ අනුව අන්තර්ජාලයට ගොස් ඔහු මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානය ගැන තොරතුරු සොයා බැලූවේය. සිද්ධිය සැබෑවකි. වහාම ඔහු ඒ පිළිබඳව තම ඉහළ නිලධාරීන් දැනුවත් කළේය.

ඒ අනුව කටයුතු කළ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිල් ප‍්‍රියන්ත මහතා මේ පිළිබඳව ද සොයා බලා මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානය වැටලීමට අවශ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පළමුව පොලිස් කොස්තාපල්වරයකු මෙම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. එහිදී එක් තරුණයකු ඉතා ළයාන්විත ගැහැනු කටහඬට සමාන කට හඬකින් එම පොලිස් නිලධාරියා සමග මෙලෙස කථා කළේය.

පොලිස් නිලධාරියා - ‘‘ හෙලෝ මේ කථා කරන්නේ (යම්කිසි නමක් සඳහන් කර) සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයෙන්ද?’’

ළයාන්විත ගැහැනු කටහඬක් සහිත තරුණයා - ‘‘ඔව් සර් එහෙන් තමයි කතා කරන්නේ. සර්ට මොකක්ද අපෙන් වෙන්න ඕනා.’’

පොලිස් නිලධාරියා - ‘‘ මොනවද ඕගොල්ලන්ට කරන්න පුළුවන්.’’

ළයාන්විත ගැහැනු කටහඬක් සහිත තරුණයා - ‘‘සර් කැමති ඕනෑම දෙයක් කරන්න අපි සෑදී පැහැදී ඉන්නවා. ඒක නිසා සර් ඇවිල්ලා බලන්න. අපි ළඟට ආවොත් ආයි සර් වෙන කොහෙවත් යන්නේ නැහැ. බොරු නම් ඇවිල්ලා බලන්න.’’

පොලිස් නිලධාරියා - ‘‘ඔයා ෆෝන් එකෙන් නම් කියයි. ආවට පස්සේ වැඩක් නැති වුණොත්. ’’

ළයාන්විත ගැහැනු කටහඬක් සහිත තරුණයා - ‘‘ එහෙම කියන්න එපා සර්. අපි කිවුවොත් කිවුවා කාගෙවත් සිත් බිඳින්නේ නැහැ අපි. සර් ඇවිල්ලා බලන්න සර්ට එතකොට තේරෙයි අපි කොච්චර සුන්දර මිනිස්සුන් ද කියලා.’’

පොලිස් නිලධාරියා - ‘‘හරි මම එන්නම්. මට විස්තර ටිකක් කියන්න ඕගොල්ලන්ගේ. මම අද හවසට එන්නම්.’’

පොලිස් නිලධාරියාට රැවටුණු එම තරුණයා සමලිංගික සම්භාහන මධ්‍යස්ථානයේ ගණන් මිණුම් සහිතව සියලූ විස්තර සැපයුවේය. ලද සියලූ විස්තර අනෙක් නිලධාරීන්ටත් එම කොස්තාපල්වරයා දැන්නුවේය. ඉන් පසු එදිනම එම ස්ථානය වැටලීමට එම පොලිස් නිලධාරිහු පියවර ගත්හ.

එලෙස එම සමලිංගික සම්භාහන මධ්‍යස්ථානය වටලා තරුණයින් දෙදෙනකු සහ නමක් සඳහන් නොවෙන ආලේපන වර්ග, ශරීර උත්තේජනය සඳහා ලබා ගන්නා පෙති, උපත් පාලන කොපු, අඟපසග පුෂ්ටිමත් බව පෙන්වීම සඳහා යොදා ගන්නා ශරීර උපකරණ සහ එහි තිබූ විශේෂිත ඇඳන් ඇතුළු උපකරණ රාශියක් පොලිස් භාරයට ගත්හ. අවුරුදු 21 ක් සහ 31 ක් වයසැති එම තරුණයින් දෙදෙනා නුවර සහ කළුඅග්ගල පදිංචි අය වෙති. මෙය වටලන අවස්ථාවේදී හිමිකරු එම සමලිංගික සම්භාහන මධ්‍යාස්ථානයේ සිට නොමැත.

කලක් තිස්සේ අන්තර්ජාලය භාවිතා කරමින් මොරටුව මොරටුමුල්ල මෙල් මාවතේ පවත්වාගෙන ගිය මෙරට සුපිරි ගණයේ සමලිංගික සම්භාහන මධ්‍යස්ථානය අවසානයේ පොලිස් ඇසට හසුවූයේ එලෙසින්ය.

ගයාන් සමරසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.