Sep
08
'චොකා මල්ලි' විරෝධතා මැද මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි
මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේය.
කෙසේ වෙතත්, ඊට විපක්ෂය සිය විරෝධය පළ කළේය.
පාර්ලිමේන්තුව අද (8) පස්වරු 1ට රැස්වූ අතර පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා බන්ධනාගාර වෑන් රථයකින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවේය.