Sep
03
මහරගම නාවින්නේ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
මහරගම - නාවින්න ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
අධික වේගයෙන් නුගේගොඩ සිට 119 මාර්ගය ඔස්සේ මහරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
රියදුරට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.