Sep
05
පච්චයක් ගහගෙන කොන්ඩය වවාගෙන ආ පලියට තරුනයෙක් රස්තියාදු කාරයෙක් වෙන්නෙ නැහැ
තරුණයින් දිහා සමාජය බලන විදිය වෙනස් කල යුතු බවත් පච්චයක් ගහගෙන කොන්ඩය වැවූ පමනින් තරුනයෙකු රස්තියාදු කාරයකු නොවන අතර ඔවුන් නියෝජනය කරන්නෙත් සමාජයේ එක කොටසක් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.
තරුණ සේවා සභාව විදිහට අපේ රටේ සියලුම තරාතිරම් වල තරුණ,තරුණියන්ට ඔවුනට අවශ්‍ය දේ සිදුකර දිම අත්‍යවශ්‍ය කාරනාවක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
සමාජ මාධ්‍ය තුල විශාල ඇගයීමක් හිමිවූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උත්වසයකට එක්වෙමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පල කර සිටියේය.