Sep
15
ප‍්‍රබල ඇමතිගේ වාහනය පාසල් තාප්පයේ හැපෙයි
ආසන්න දිනක ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී වාහනයක් කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක තාප්පයේ හැපී ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.
බීමතින් සිට ඇති මෙම ඇමතිවරයා විසින් පදවාගෙන ආ වාහනය අලුයම තුනට පමණ වැදීමෙන් එම පාසලේ තාප්පයට අලාභහානි සිදුවී ඇතැයි ද එහි සඳහන් වේ.
නමුත් පැය කිහිපයක් ඇතුලත එය නැවත පිලිසකර කර සකස් කර දීමට කටයුතු කර ඇති බවත් දැනට අනතුරට ලක් වූ වාහනය කොළඹ 7 ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක පිටුපස ගාල් කර ඇති බවත් වාර්තාව කියයි.