Sep 14

ලෝකෙට අඹ බෙදන තණමල්විල අඹවත්ත (වීඩියෝ)


කොවිඩ් ව්‍යාප්තිය නිසා විදෙස් ගනුදෙනු සීමා වී ඇති පසුබිමක දේශීය ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම සහ අපනයනාභිමුඛ නිෂ්පාදන වෙත යොමුවීම පිළිබඳ සංවාදයක් ඇති වී තිබේ.

නමුත් සමහර දුරදක්නා නුවණැත්තෝ ශ්‍රී ලංකාවේ සරු පොළොව ගැන විශ්වාසය තැබුවේ අද ඊයේ නොවේ.

මේ ඊට කදිම නිදසුනකි.

සරු බිමෙන් නිසි ප්‍රයෝජන ගත් අපනයනකරුවකු ගැන තොරතුරු ලැබුණි.

මේ ලංකාවේ විශාලතම අඹ වත්ත ය. එහි හිමිකරුවා ද අප හා තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ විණි.
 
එම අඹ වත්තේ හිමිකරුවන නානායක්කාර මහතා පැසුවේ තමන් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවක එහි ඇති අස්වද්දපු බිම් දැක මෙම අදහස පහළ වු බවය.

කෙසේ වෙතත් තම අදහස යථාර්ථයක් කරගැනීම ලෙහෙසි කාර්යයක් නොවු බවද ඒ මහතා පැවසීය.

ඒ, ඔහුට හිමි වූ ඉඩම වන සතුන්ගෙන් ගහන කැලෑවක් මැද පිහිටා තිබීම හේතුවෙනි.

විශාල ගස් ආරක්ෂා කරමින් වන ලැහැබ එළිපෙහෙළි කළ මොවුන් 2013 වසරේදී වගාව ආරම්භ කර ඇත.

වසර 7කට පසු මෙම ව්‍යාපාරිකයා දුටු සිහිනය සැබෑ වී තිබෙන ආකාරය එහි යන ඔනෑම කෙනෙකුට දැකගත හැකිය.

 තණමල්විල, වන්දම ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට යාබදව පිහිටි මේ භූමියේ වපසරිය අක්කර 560කි.

මෙහි වගා කර ඇත්තේ, ලංකාවේම නිෂ්පාදනය කරන ලද දෙමුහුන් අඹ විශේෂයකි.

ටොම් ඇන්ඩ් ජේ.සී. නම් වූ මෙම අඹ විශේෂයට ලොව රටවලින් ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

වගාවට වසර 7ක් වුවත් ඔවුන් දිනෙන් දින මුහුණ දෙන විශාල ගැටලුවක් තිබේ.

ඒ වගාවට අවශ්‍ය ජලය සම්පාදනය කරගැනීමය.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාළගුණික තත්ත්වය සහ නිරන්තරයෙන් හමන සුළඟ වගා භූමියේ තෙත් ස්වභාවයට බලපෑම් කරන බැවිනි.

කෙසේ වෙතත් ජල බවුසර යොදාගනිමින් මෙහි සේවකයින් රාත්‍රිය පුරා අඹ වගාවට ජලය එකතු කරනු ලබයි.

අක්කර 500කට වැඩි වූ මේ වගාවට එලෙස ජලය යෙදීම ඉතාම දුෂ්කර කටයුත්තකි.

ඒ නිසාම ඔවුන් මේ භූමියේ  විශාල වැවක් ඉදිකිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන්ය.

මහ වනය මැද පවත්වාගෙන යන මේ අඹ වගාව ආරක්ෂා කිරීම මෙහි කළමණාකාරීත්වය මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයකි.

වන අලින්ගෙන් වගාව ආරක්ෂා කිරීම සඳහා කිලෝමීටර 10කට වැඩි දිගින් යුත්  විදුලි වැටක් නඩත්තු කළත් වඳුරන්ගෙන් වගාවට වන හානි පාලනය කිරීමට තවමත් නිසි ක්‍රමවේදයක් නැත.

දැඩි වෙහෙසකර තත්ත්වයක් යටතේ ලබාගන්නා අඹ ඵලදාව ආරක්ෂා කිරීමට මෙහි සිටින සේවකයින් සංඛ්‍යාව 350කට අධිකය.

වනය එළිපෙහෙළි කිරීමේ සිට අඹ ඵලය හටගන්නා තෙක් මේ වගාව සමග පොරපැදි මොවුන් අස්වැන්නට කිසිදු හානියක් නොවන ලෙස ඵල නෙලාගනී.

අක්කර 560ක් පුරා මොවුන් හෙළන ලද දහඩියේ ප්‍රතිඵල  මෙරට වෙළෙඳපොළට පමණක් සීමා වන්නේ නැත.

රටවල් කිහිපයකටම අඹ අපනයනය කිරීමට මෙහි කළමණාකාරීත්වය පියවර ගෙන අවසන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.