Sep 24

කුඩු ගිණුමක කෝටි 49ක්


රත්මලාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත් පුද්ගලයකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ හාරදහස් නවසීයක් සංසරණය වූ ගිණුමක් මගින් මුදල් බැර වූ අතුරු ගිණුමක අයිතිකරුවකු වන මීගමුව නගර සභාවට අනුයුක්තව සේවය කරන සෞඛ්‍ය අංශයේ සුළු. සේවකයකුගේ ගිණුමක තිබී රුපියල් කෝටි 18 ක මුදලක් සහ මීගමුව ප‍්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිසලක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයකුට අයත් ගිණුමකට රුපියල් කෝටි පහක් බැරවී ඇති බවට අනාවරණය වීමෙන් පසු 23 දා එම පුද්ගලයන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.

පසුගිය මැයි 22 දින හෙරොයින් ග‍්‍රෑම් 09 යි මිලිග‍්‍රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වූ රත්මලාන ජයසුමනාරාම පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ප‍්‍රභාත් චතුරංග නමැති 20 හැවිරිදි තරුණයකුගෙන් තමන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය හා මුදල් ලැබෙන ආකාරය පිළිබඳව සිදුකළ විමර්ශනයකදී දැනට විදෙස් රටක සැඟවී සිටින ප‍්‍රධාන මත්කුඩු ජාවාරම් කරුවන් දෙදෙනකු වන අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු හා එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටෝ ධර්මේ යන පුද්ගලයන්ගේ ලංකාවේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමකට මුදල් බැරකරන බවත් එවිට විවිධ පුද්ගලයන් හරහා තමන්ට මත්කුඩු ලැබෙන බවත් මූලික පරීක්ෂණවලදී සැකකරු පැවසීමත් සමග අනාවරණය කරගත් කරුණු මත වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ හාරදහස් නවසීයක් සංසරණය වූ ගිණුම් අංකයක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පැවසීය.

පොලිසිය විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂණයේදී එම ගිණුමේ හිමිකරු වන මෙම ජාලයේම තවත් පුද්ගලයකු වන ගයාන් චතුරංග ඉලන්දර නමැති පුද්ගලයා පසුගිය ජුනි 17 දින අත්ඩංගුවට ගත් බවත් එම පුද්ගලයාගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී හා ගිණුම් වාර්තා සම්බන්ධ විමර්ශනයේදී මෙම ගිණුම හරහා අන්තර්ජාලය ඔස්සේ වෙනත් පෞද්ගලික ගිණුම්වලට මුදල් බැරවී ඇති බවට තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වූ බවත් මෙම ගිණුමෙන් රුපියල් කෝටි 8 ක මුදලක් බැර වී තිබූ ගිණුමක හිමිකරු වන රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ක් වයසැති දෙමළ ජාතික තරුණයකු පෙරේදා 22 දා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී රුපියල් කෝටි 18 ක් සහ රුපියල් කෝටි 05 ක් බැරවී තිබූ පෞද්ගලික බැංකුවක ගිණුම් අංක දෙකක් අනාවරණය වීමත් සමග සිදුකළ විමර්ශනයේදී මීගමුව නගර සභාවේ සේවය කරන සුළු සේවකයා සහ වාහන අමතර කොටස් අලෙවිකරන පුද්ගලයා 23 දා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය පැවසීය.

දැනට රත්මලාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ පළමු සැකකරු හා දෙවැනි සැකකරු මෙන්ම දෙමළ ජාතික පුද්ගලයෙක් වන සැකකරු අනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් 23 දා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව ද කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට පත්වූ මීගමුව නගර සභාවේ සුළු සේවකයා වයස අවුරුදු තිහක පුද්ගලයෙක් බවත් අමතර කොටස් වෙළෙඳසලේ අයිතිකරු වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයෙක් බවත් නගර සභා සේවකයා සුඛෝපභෝගී දිවි පෙවතක් ගතකර ඇති බවත් පොලිසිය විසින් කරුණු අනාවරණය කරගත් බව ද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි අපරාධ ෂ රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, ඒ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන් (40248) ප‍්‍රසන්න, පොලිස් කොස්තාපල් (77688) අමිල, (81600) සමීර, (13177) නුවන්, (87699) ආරියදාස, කාන්තා පොලිස් කොස්තාපල් (10648) කෞශල්‍යා, පොලිස් කොස්තාපල් රියැදුරු (18818) තිලකසිරි යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

එස්. ඞී. අබේසිංහ - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.