Sep 03

හන්තානේ ඉඩම මගේ නිසා මා එලි පෙහෙලි කලා - කිරිඇල්ල


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි. – හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි.

පසුගිය දිනවල විවිධ මාධ්‍ය හරහා මාගේ පවුලට අයිතිය ඇති හන්තාන ඉඩම පිළිබදව විවිධ සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කර ඇත. එම පුවතට අදාල අක්කර 8 ක ඉඩම් කොටස මීට වසර 30 කට පෙර 1990 නොවැම්බර් මස 30 වන දින පමුණුව පදිංචි ඉඩම් හිමි වැවිලිකරු අංදිරිස් ජයසිංහ යන අයගෙන් මා විසින් සින්නක්කරව මිළදීගත් ඉඩමකි.

මෙම ඉඩම අවම වශයෙන් 1947 වර්ෂයේ සිට පෞද්ගලික අයිතිකරුවන්ට හිමිවූ බව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛණවල පැහැදිලිව සදහන්වේ. තවද අපගේ අයිතිය ප‍්‍රාදේශීය සභාවේද ලියාපදිංචිවී ඇත. අදාල පුවතට අයත් හන්තාන ඉඩම රජයට අයත් ඉඩමක් නොවේ.

මෙම ඉඩම හන්තාන රක්‍ෂිතයට අදාලව පනවා ඇති රෙගුලාසි අනුව මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට ඉහලින් පිහිටා ඇති බව මා පිළිගන්නා අතර. හන්තාන සුරුකීමේ නීති රීති අනුව හන්තාන රක්‍ෂිත කළාපයේ ගොඩනැගිලි ඉදිකිරීම් තහනම් වුවද, ඉඩමේ හිමිකරුවන් හට හන්තාන සුරැුකීමේ කමිටුවේ නිර්දේශයට යටත්ව තම ඉඩම්හි කාබනික වගා කටයුතු සිදුකිරීමට අයිතිය ඇත. ඒ සදහා මේ වනවිටත් හන්තාන සුරුකීමේ කමිටුව වෙතින් කාබනික වගා කටයුතු සදහා අනුමැතිය අයදුම්කර ඇත.

නව රජය පත්වීමෙන් පසු වගා කටයුතු පිළිබදව රට තුල ඇති කල උද්යෝගයත් සමග මා හට අයත්, මීට පෙර තේ හා ගම්මිරිස් වගාකර තිබූ, හන්තාන ඉඩමට ඇතුළුවීමට තිබූ අපහසුතාවය හේතුකොටගෙන, ඉඩමෙහි යම් යම් කොටස්වල උසට වැවී තිබූ තණ කොළ පමණක්, ඉතා වගකීමෙන් හා සැළකිල්ලෙන් අඩු කරන ලදී. ඉඩමෙහි හිමිකරු වශයෙන් ඒ සදහා මා හට අයිතියක් ඇත.

පරිසරයට ආදරය කරන ශී‍්‍ර ලාංකිකයකු වශයෙන් මාගේ මෙම පෞද්ගලික ඉඩමෙහි කිසිදු ගස් කැපීමක් හෝ කිසිදු පරිසර හානියක් සිදුවී නොමැති බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි. හන්තාන රක්‍ෂිතය පිළිබද රෙගුලාසි ඇතුලත් ගැසට් පත‍්‍රයේ පිටපතක් මා විසින් මහනුවර පොලිසිය වෙතද ලබාදී ඇත.

පටු දේශපාලන වාසි උදෙසා, විවිධ පාර්ශවයන් විසින් නොයෙක් මාධ්‍ය හරහා මාගේ සහ පවුලේ කීර්තිනාමයට හානි වන ලෙස මෙවැනි අසත්‍ය පුවත් ප‍්‍රචාරය කිරීම පිළිබදව මාගේ කණගාටුව ප‍්‍රකාශ කරමි.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

අධිනීතීඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල
මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර,
ශි‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.